විදේස කස්ටිය නිදිද? (Gossip)


විදේස අංසෙ කස්ටිය ගැන රටේ දෙවැනි මහත්තයා එච්චර සන්තෝසෙන් නෙවෙයි ඉන්නෙ... ඒගොල්ලො හැමතිස්සේම උදාසීන විදියට නිදාවැටෙමින් ඉන්නවය කියල ඉහළට තතු සැලවෙලා.

පසුගියදා කොටි ප්‍රශ්නයක් එංගලන්තෙ පාර්ලිමේන්තුවෙ ඇදුණලු. එකවරක් නොවේ දෙතුන් වරක්ම එතෙන්දි අපේ රටට හොඳ නැති අදහස් උදහස් මතු වුණා කියලයි කියැවෙන්නෙ. ඒත් එංගලන්තෙ මෙහෙම දෙයක් වුණා කියලා ඒ රටේ මහකොමසාරිස් අංසෙවත් කොළඹ ඉන්න විදේස කස්ටියවත් හාංකවිසයක් දන්නෙ නැතිලු. ඒත් මේ කතාව පිටස්තරින් රටේ දෙවැනි මහත්තයගෙ කන්තෝරැවට ආරංචි වෙලා උන්නැහේ හොයල බලනකොට කාරණාව ඇත්තලු.

ඉතින් මේ විදියට බලවත්ම රටවල්වල ඩිප්ලොමැටික් ඉන්ටෙලිජන්ස් නිල් වෙලා තිබීම ගැන විදේශ කස්ටියට දැන් ගෝරි ගොඩයි. නිදහසට කරැණුත් කියන්න වෙලාලු. මේ හුටපට නිසා මැංගිතුමා ඉන්නෙත් හරිම දුෂ්කර තැනක කියලයි කියැවෙන්නෙ.

Share on Google Plus