G24 කණ්ඩායමේ උප සභාපති ධුරය රවී කරුණානායකට.


ජෙරූ රාජ්‍යයේ මුළුදුන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වාර්ෂික සමුළුවට එක් වූ මුදල් ඇමැති රවී කරුණානායක මහතා ජි 24 රාජ්‍ය කණ්ඩායමේ උප සභාපති ධුරයට පත්විය.

ජී 24 අන්තර් රාජ්‍ය කණ්ඩායමට සමගාමීව ක්‍රියාත්මක ජාත්‍යන්තර මූල්‍ය කටයුතු සංවර්ධනය

පිළිබඳ වූ කණ්ඩායමේ උප සභාපති ධුරයට පත් වීමත් සමඟ රවී කරුණානායක මහතා මුලින්ම සිදු කළේ තම රටේ ආර්ථිකය පිළිබඳව විදෙස් නියෝජිතයෝ දැනුවත් කිරීම ය.

මේ දිනවල ජෙරූ රාජ්‍යයේ ලීමා අගනුවර පැවැත්වෙන ලෝක බැංකු හා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වාර්ෂික සමුළුවට ලොව රටවල් 188ක නියෝජිතයෝ එක්වී සිටිති.

ලෝක බැංකුවේ ජ්‍යෙෂ්ඨ උප සභාපති (මෙහෙයුම්) ක්ලේ පීටර්ස්, ලෝක බැංකුවේ දකුණු ආසියානු කලාපය භාර උප සභාපති ඇන්ට් ඩික්ෂන් දකුණු අප්‍රිකානු මුදල් ඇමැති එන්. නේනේ, ඉන්දීය මුදල් ඇමැති අරුන් ජට්ලී, පොදු රාජ්‍ය මණ්ඩලයේ මහ ලේකම් කමලේෂ් ෂර්මා, ආසියානු සංවර්ධන බැංකුවේ, අමෙරිකා එක්සත් ජනපදයේ මහා භාණ්ඩාගාරයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ ලොව ප්‍රධාන පෙළේ ආයෝජකයින් සමඟ ද ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්විය.

ජී - 24 රාජ්‍ය කණ්ඩායමට අයත් රටවල් වනුයේ ඇල්ජීරියාව, ආර්ජන්ටිනාව, බ්‍රසීලය, කොළොම්බියාව, කොංගෝ, ඊජිප්තුව, ඉතියෝපියාව, ගැබොන් රාජ්‍යයි. ඝානා, ගෝතමාලාව, ඉන්දියාව, ඉරානය, අයිවරිකෝස්ට්, ලෙබනන්, මෙක්සිකෝව, නයිජීරියාව, පාකිස්ථානය ජෙරූ, පිලිපීනය. දකුණු අප්‍රිකාව, ශ්‍රී ලංකාව, සිරියාව, ට්‍රිනිඩෑඩ් ඩොබැගෝ, වෙනිසියුලාව වේ.

මුදල් ඇමැතිවරයා සමඟ මේ ජගත් සමුළුවට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් මුදල් අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය ආර්.එච්.එස්. සමරතුංග, ශ්‍රී ලංකා මහ බැංකුවේ නියෝජ්‍ය අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ, ශ්‍රී ලංකා මහ බැංකුවේ ආර්ථික පර්යේෂණ අංශයේ අධ්‍යක්ෂ කේ. මහින්ද සිරිවර්ධන, විදේශ සම්පත් දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් අජිත් අබේසේකර, අමෙරිකා එක්සත් ජනපදයේ වොෂින්ටන් පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ වාණිජ කටයුතු පිළිබඳ ප්‍රධාන බන්දුල සෝමසිරි යන මහත්වරු සහභාගි වී සිටිති.

Share on Google Plus