ගෙදර නිදහස ඉල්ලා කොටුව දුම්රියපොළ ඉදිරිපිට උද්ඝෝෂණයක්




ඊයේ  සවස කොටුව දුම්රිය පොළ ඉදිරිපස දැඩි කළබලකාරී වාතාවරණයක් දක්නට ලැබුණු අතර බොහෝ දෙනා සිතුවේ සිකුරාදා දිනයක් බැවින් ගම්බ්ම් බලා යන පිරිස නිසා එම කළබලකාරී වාතාවරණය හටගත් බවයි. එහෙත් පසුව එය දුම්රියපොළ ඉදිරිපිට පවත්වනු ලැබූ උද්ඝෝෂණයක් හේතුවෙන් ඇති වූ තත්ත්වයක් බව අනාවරණය විය.

සවස 4ට පමණ පටන්ගෙන පැයකට ආසන්න කාලයක් පැවති එම උද්ඝෝෂණයට සැළකිය යුතු පිරිසක් සහභාගී වී සිටියහ. උද්ඝෝෂකයන් එක හ`ඩින් පවසා සිටියේ තමන්ගේ නිවාස වල නිදහස තමන්ට ලබා දෙන ලෙසයි. ඒ සම්බන්ධ විවිධ සටන් පාඨ සහිත පුවරුද ප‍්‍රදර්ශනය කරමින් උද්ඝෝෂණයේ යෙදුන ඔවුන් තමන්ගේ ගැටළුවට හැකි ඉක්මණින් විසඳුම් ලබා දෙන ලෙසද බල කර සිටියහ.

කෙසේ වුවද පැයක පමණ කාලයකින් පසුව විසඳුමකින් තොරව උද්ඝෝෂණය නිමා වූ අතර උද්ඝෝෂකයන් පවසා සිටියේ තමන්ගේ ගැටළුවට විසඳුමක් ලබා නොදුනහොත් ඉදිරියේදී මීට වඩා දැවැන්ත උද්ඝෝෂණයක් සිදු කිරීමට කටයුතු කරන බවයි.







Share on Google Plus