මෛත්‍රීගේ ජීවිතය අනතුරේ - වගකිවයුත්තෝ අබේකෝන් සහ ශිරාල්. (Exclusive)


ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ආරක්ෂාව සම්බන්ධයෙන් අවධානමක් ඇතිව ඇතැයි Info Sri Lanka News වෙත වාර්තා වේ.

ඒ ජනාධිපති මාධ්‍ය අංශය ඇතුළු ජනාධිපති ලේකම්කාර්යාලය වෙනුවෙන් සිදුකල කිසිදු බඳවා ගැනීමක් සඳහා බුද්ධි අංශ වාර්තාවක් කැඳවිය යුතු වුවත් එසේ සිදු නොකිරීම හේතුවෙනි.

සාමාන්‍යයෙන් ජනාධිපතිවරයාට ඉතා කිට්ටුවෙන් කටයතු කරන මාධ්‍ය අංශයට අලුතින් පත්වීමක් සිදුකරන විට එම පුද්ගලයාගේ පසුබිම පිළිබඳ බුද්ධි අංශ වාර්තාවක් කැඳවීම අනිවාර්ය වුව ද ජනාධිපති මාධ්‍ය අංශයට හා ජනාධිපති ලේකම් කාර්යාලය වෙනුවෙන් සිදුකල කිසිදු පත් කිරීමකට පසුගිය මාස 10ක කාලය පුරාවට බුද්ධි අංශ වාර්තාවන් කැඳවා නොමැත.

මෙසේ බුද්ධි අංශ වාර්තාවක් කැඳවීම ජනාධිපති ලේකම්වරයාගේ වගකීමක් වන අතර ජනාධිපති මාධ්‍ය අංශය වෙනුවෙන් එම වගකීම දරන්නේ ශිරාල් ලක්තිලකය.

කෙසේ නමුත් මේ වන විට ජනාධිපති මාධ්‍ය අංශය තුල බොදු බල සේනා ඇතුළු අන්තවාදී සංවිධාන වල සමාජිකයන් ද සේවය කරන බවට Info Sri Lanka News වෙත වාර්තා වේ.

ජනාධිපතිවරයාගේ ආරක්ෂාව සම්බන්ධයෙන් පවතින තර්ජන හේතුවෙන් පසුගිය සමයේ ජනාධිපති ආරක්ෂක දෙපාර්තමේන්තුව (P.S.D.) පවා ඉවත් කල නමුත් ජනාධිපතිවරයාගේ ආරක්ෂාව සම්බන්ධයෙන් පවතින අවධානම තවමත් පහව ගොස් ඇත.

මෙසේ තිබියදී පුද්ගලික න්‍යාය පත්‍ර වෙනුවෙන් රටක රාජ්‍ය නායකයාගේ ආරක්ෂාව අවධානමට ලක් කිරීම ද්‍රෝහී කටයුත්තකි.

ඒ නිසා මේ පිළිබඳව අදාළ බලධාරීන්ගේ අවධානය යොමු වෙතැයි අප බලාපොරොත්තු වෙමු.


Share on Google Plus