රාජගිරිය රථ වාහන සැලැස්ම අත්හිටුවයි.


රාජගිරිය වැලිකඩ ප්‍රදේශ ආශ්‍රිතව පොලීසිය මගින් ක්‍රියාත්මක කළ රථ වාහන සැලැස්ම අත්හිටුවා තිබෙනවා.

මෙම රථ වාහන සැලැස්ම තාවකාලිකව අත්හිටුවීමට තීරණය කළ බවයි ඒ පිළිබඳව කරුණු පැහැදිළි කළ පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පැවසුවේ.

කෙසේවෙතත් මහරගම ආශ්‍රිත රථ වාහන සැලැස්ම තව දුරටත් ක්‍රියාත්මක කෙරෙන බවත් පැවසුවා.

රාජගිරිය සහ මහරගම ප‍්‍රදේශ ආශ‍්‍රිතව පොලිසිය නව ධාවන සැලැස්මක් කි‍්‍රයාත්මක කළේ ඉකුත් සඳුදා සිටයි. රාජගිරිය ප‍්‍රදේශයේ ධාවන සැලැස්ම අසාර්ථක වුවද මහරගම ප‍්‍රදේශයේ ධාවන සැලැස්ම සාර්ථක වූ බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළා. 

වැලිකඩ, ආයුර්වේද වටරවුම, දේවිබාලිකා, නෙළුම් පොකුණ දක්වා මෙසේ ක්‍රියාත්මක වූ දෙවන රථ වාහන සැලැස්ම නිසා ඇති වූ බලපෑම වෙනත් මාර්ග කිහිපයකට බලපා ඇති බවට හදුනාගෙන ඇති බවත් පැවසුවා.


Powered by Blogger.