Ads Top

Ray Ad

ජවිපෙ COPE සභාපති ධුරය ඉල්ලයි.


පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ (කෝප් කමිටුව) සභාපති ධුරය තම පක්‍ෂයේ මන්ත්‍රීවරුන්ට ලබා දෙන ලෙසට ජනතා විමුක්‌ති පෙරමුණ කථානායක කරු ජයසූරිය මහතාගෙන් සහ ආණ්‌ඩු පක්‍ෂයෙන් ඉල්ලා ඇත.

කෝප් කමිටු සභාපති ධුරය භාර ගැනීමට ජනතා විමුක්‌ති පෙරමුණ සූදානම් බවද නව පාර්ලිමේන්තුවේ කෝප් කමිටුව මෙතෙක්‌ පිහිටුවා නැති නිසා සභාපති ධුරය තම පක්‍ෂයට ලබා දෙන ලෙසද ජවිපෙ ඉල්ලීමක්‌ කර තිබේ.

කෝප් කමිටු සභාපති ධුරයට විපක්‍ෂයේ මන්ත්‍රීවරයෙක්‌ පත්වූවොත් එය අපක්‍ෂපාතීව සිදුකරගෙන යා හැකි බවද පසුගිය කාලයේ සභාපති ධුරය දැරුවේ රජයේ ඇමැතිවරයෙක්‌ බැවින් එහි කටයුතු නිසිලෙස සිදු නොවූ බවද ජවිපෙ කථානායකවරයාට සහ ආණ්‌ඩුවට දැනුම් දී ඇත.


Powered by Blogger.