රජයේ ප්‍රථම අයවැයෙන් ජනතා සහන රැසක්‌.


නව ආණ්‌ඩුව විසින් ලබන මස 20 වැනිදා ඉදිරිපත් කිරීමට නියමිත ප්‍රථම අයවැය යෝජනාවලියෙන් මධ්‍යම සහ ඊට පහළ පන්තියේ ජනතාවට සහන රැසක්‌ ලබාදීමට තීරණය කර ඇත.

ඒ අනුව ජනතාවට සහන ලබාදිය හැකි අංශ පිළිබඳව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා විසින් සම්පූර්ණ විස්‌තර ඇතුළත් වාර්තාවක්‌ ද මුදල් අමාත්‍යාංශයෙන් ඉල්ලා ඇතැයි ද ආණ්‌ඩුවේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක්‌ පැවසීය.

මීට පෙර අවස්‌ථාවක ද අගමැතිවරයා සාමාන්‍ය ජනතාවට උපරිම සහන ලැබෙන පරිදි ඉදිරි අයවැය සැකසිය යුතු බවට මුදල් අමාත්‍යාංශයේ ඉහළ නිලධාරීන්ට උපදෙස්‌ දී තිබිණි.

ඒ අනුව ජනතාවට ලබාදීමට හැකි සියලු සහන සම්බන්ධ සවිස්‌තර වාර්තාවක්‌ මෙම සති අන්තයේදී මුදල් අමාත්‍යාංශ නිලධාරීන් විසින් අරලියගහ මන්දිරයේදී අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට ලබාදීමට නියමිතය.

Share on Google Plus