පවුල් වාදය ජයටම - අර්ජුනගේ නරිවාදන් රෙද්ද පල්ලෙන් බේරේ.


ශ්‍රී ලංකා වරාය අධිකාරියේ නව සභාපතිවරයා ලෙස ධම්මික රණතුංග මහතා පත්කර තිබේ. ඔහු වරාය හා නාවික අමාත්‍ය අර්ජුණ රණතුංග මහතාගේ බාල සහෝදරයායි. 

ධම්මික රණතුංග වරාය අධිකාරියේ සභාපතිවරයා ලෙස පත්වීමට නියමිත බව අප මීට කලින් අනාවරණය කළේය. එසේම ඔහු කලින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක ලෙස කටයුතු කරමින් සිදුකළ දූෂණ හා අක්‍රමිකතා සම්බන්ධයෙන් ද අනාවරණය කළේය. ධම්මික රණතුංග යනු එම දූෂණ හා අක්‍රමිකතා හේතුවෙන් අනිවාර්ය නිවාඩු යැවූ පුද්ගලයෙකි. 

පසුගිය ජනාධිපතිවරණ සමයේ හා මහමැතිවරණ සමයේ රාජපක්ෂ පවුල් පාලනය හා ඥාති සංග්‍රහය ගැන දේශපාලන වේදිකාවල බොහෝ කතාබහ ඇතිවූ අතර අර්ජුණ රණතුංග යනු පවුල් පාලනය හා ඥාති සංග්‍රහය දැඩිලෙස විවේචනය කළ පුද්ගලයෙකි. එසේම වංචා, දූෂණ හා අක්‍රමිකතා සිදුකරන පුද්ගලයන්ට දඬුවම් කළයුතු බව දැඩිලෙස කියාසිටි දේශපාලනඥයෙකි. 

එසේ කටයුතු කළ අර්ජුණ තමාට බලය ලැබුණු පසු තමා විවේචනය කළ ඥාති සංග්‍රහ පවත්වමින් තම සොයුරා වරාය සභාපතිධූරයට පත්කරගෙන තිබේ.

Share on Google Plus