ඉතාලි යන්න ගිය විමල්ව ආපසු හරවා එවලා.


ජාතික නිදහස් පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් විරවංශ මහතා ගුවත් තොටුපොලෙන් ආපසු හරවා එවා ඇතැයි වාර්තා වේ.

අවලංගු කළ ගුවන් ගමන් බලපත්‍රයක් ඉදිරිපත් කිරීම නිසා ඉතාලි යාම සඳහා අද (23) අලුයම 3.00ට පමණ කටුනායක ගුවන්තොටුපලට ගිය  මන්ත්‍රීවරයාව යළි හරවා එවීමට ආගමන විගමන නිලධාරීන් කටයුතු කර ඇත.

මන්ත්‍රීවරයාගේ ගුවන් ගමන් බලපත්‍රයේ නිරවද්‍යතාවය පරික්ෂා කිරීම සඳහා පරිගණක ඇතුලත් කල අවස්ථාවේදී එය අහෝසි කළ බලපත්‍රයක්  බවට අනාවරණයවී ඇත. අදාළ නිලධාරීන් ඒ බව දැනුම්දුන් විට මන්ත්‍රීවරයා  ඉතා ආවේගශීලි වී තිබේ.

කරුණු සොයා බැලීමේදී අනාවරණය වූයේ මන්ත්‍රීවරයා තම ගුවන් ගමන් බලපත්‍රය අස්ථානගතව ඇති බව දැනුම්දී පසුගියදා අලුතින් ගමන් බලපත්‍රයක් ලබාගෙන ඇති නමුත්, ඔහු අද අලුයම ඉදිරිපත් කර ඇත්තේ අස්ථානගතවූ ගමන් බලපත්‍රයයි.

මන්ත්‍රීවරයාගේ දැනුම්දීම මත ආගමන විගමන දෙපාර්තමේන්තුව එම ගුවන් ගමන් බලපත්‍රය අහෝසිකර තිබී ඇත.

Share on Google Plus