යහපාලනයත් විශ්වවිද්‍යාල කපා හරී.


ඊයේ (23) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද 2016 වර්ෂය සඳහා වූ විසර්ජන පනත් කෙටුම්පතට අනුව හෙළි වන්නේ විශ්වවිද්‍යාල අධ්‍යාපනය වෙනුවෙන් වූ වියදම් කපා හැර ඇති බවය.

රවී කරුණානායක මුදල් ඇමතිවරයා විසින් පසුගිය ජනවාරියේ ඉදිරිපත් කරන ලද අතුරු අයවැය මගින් විශ්වවිද්‍යාල අධ්‍යාපනයට රුපියල් මිලියන 55,113 ක් වෙන් කර තිබූ අතර 2016 වර්ෂය වෙනුවෙන් එය රුපියල් මිලියන 44,923 දක්වා කපා හැර තිබේ.

විශ්වවිද්‍යාල මහා මාර්ග අමාත්‍යංශයත් සමග ඒකාබද්ධ කිරීමෙන් පසුව ඇති වී තිබෙන විකෘති තත්වය තුළින් ඉතා සියුම් ආකාරයට විශ්වවිද්‍යාල අධ්‍යාපනය කප්පාදු කිරීමට වත්මන් හවුල් ආණ්ඩුව කටයුතු කරමින් තිබෙන බව මෙයින් පැහැදිලි වේ. මහින්ද රාජපක්ෂ ආණ්ඩු සමයේ විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ දින සියයක අඛණ්ඩ වැඩ වර්ජනයක් ඔස්සේ අධ්‍යාපනය වෙනුවෙන් වියදම් කරන මුදල් දළ දේශීය නිෂ්පාදනයෙන් 6%ක් දක්වා වැඩි කරන ලෙස බල කෙරිණි.

මෙම ආණ්ඩුව විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ එම ඉල්ලීම ඉටු කරන බව හඟවමින් මෙසේ විශ්වවිද්‍යාල වෙනුවෙන් වෙන් කෙරෙන මුදල් කපා හැර ඇත.

Share on Google Plus