මෛත්‍රීගේ ආරක්ෂාව අනතුරේ - භූගත මාළිගාවේ ඡායාරූප සිද්ධියෙන් තහවුරු වේ.


හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් කොටුව ජනාධිපති මන්දිරයේ ඉදිකළ බවට කියන භූගත මාළිගාවක ඡායාරූප පසුගිය ඉරිදා සත්හඩ නම් සතිඅන්ත පුවත්පතක් විසින් හෙළිදරව් කර තිබුණි.

මේ සම්බන්ධයෙන් පිළිතුරු දුන් හිටපු ජනාධිපතිවරයා පැවසුවේ එම භූගත මාළිගාව බංකරයක් වන බවත් එය යුධ සමයේ දී ආරක්ෂක මණ්ඩලයේ රැස්වීම් සඳහා යොදාගත් බවත්ය.

කෙසේ නමුත් මෙම සිදුවීම සම්බන්ධයෙන් විවිධ අදහස් පලවන අතර පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණතුංග මහතා පවසා තිබුනේ මෙම හෙළිදරව්ව ජාතික ආරක්ෂාවට තර්ජනයක් බවයි.

අප මීට පෙර වාර්තා කල පරිදිම මෙසේ ඡායාරූප මාධ්‍ය වෙත නිකුත් වීම සැබවින්ම ජනාධිපතිවරයාගේ ආරක්ෂාව සම්බන්ධයෙන් මතුව ඇති අර්බුධය සනාථ කරන්නකි.

විශේෂයෙන් ජනාධිපති මන්දිරය තුල ඇති මෙවැනි ඉදිකිරීමක් පිළිබඳව තොරතුරු එක් පුවත්පතකට පමණක් වාර්තා වීම කෙසේ සිදුවිය හැකිද?

1. ජනාධිපති මාධ්‍ය අංශය විසින් නිල වශයෙන් කල මාධ්‍ය දැනුවත් කිරීමක් තුලින් ඡායාරූප ලබා ගැනීම
2. පුවත පල කල පුවත්පතේ මාධ්‍යවේදීන් ජනාධිපති මන්දිරයට ඇතුළු වී ඡායාරූප ලබා ගැනීම
3. ජනාධිපති මන්දිරයේ සේවය කරන පුද්ගලයෙකු හරහා පුවත්පත වෙත ඡායාරූප ලබා ගැනීම

මෙහි පලමු හේතුව පිළිබඳව විග්‍රහ කලහොත් 'ජනාධිපති මාධ්‍ය අංශය විසින් එක පුවත්පතකට පමණක් මෙසේ ඡායාරූප නිකුත් කිරීම අනුමත කල හැක්කක් නොවේ. විශේෂයෙන් අග්‍රාමාත්‍යවරයා විසින් අරලියගහමන්දිරයේ ඇතැම් ඉදිකිම් සම්බන්ධයෙන් මාධ්‍ය වෙත හෙළිදරව් කල ආකාරය මීට උදාහරණයක් ලෙස ගත හැක. 

එසේම දෙවන හෝ තෙවෙනි ආකාරවලින් අදාළ ඡායාරූප එම පුවත්පත විසින් ලබාගෙන ඇත්නම් එය ජනාධිපතිවරයාගේ ආරක්ෂාව සම්බන්ධයෙන් අර්බුධකාරී තත්ත්වයක් බව පැහැදිලිය.

කෙසේ නමුත් මෙහිලා සඳහන් කල යුත්තේ අදාළ සිදුවීම සම්බන්ධයෙන් වහාම විදිමත් පරීක්ෂණයක් සිදුකල යුතු බවයි. 

එසේම රාජපක්ෂ පාලන සමයේ රාජ්‍ය දේපල අවභාවිතා කරමින් CSN වැනි නාළිකා පවතා ගිය ආකාරයෙන්ම වත්මන් යහපාලන ආණ්ඩුව ද රාජ්‍ය ආරක්ෂාව පිළිබඳව කිසිදු තැකීමකින් තොරව එක් පුවත්පතක සුඛ විහරණය වෙනුවෙන් කටයුතු කිරීම 'කැහි ගැනී දී හොටු ගැනී ගැනීමක්' ම නොවන්නේද?

තීරණය ජනතාව සතුයි.


-විමුක්ති දුෂාන්ත
‪#‎විදූ‬ | ‪#‎ViDhu‬...
‪#‎lka‬ | ‪#‎SriLanka‬ | ‪#‎Colombo‬

සබැඳි පුවත්,
-මෛත්‍රීගේ ජීවිතය අනතුරේ - වගකිවයුත්තෝ අබේකෝන් සහ ශිරාල්. (Exclusive)

-හිටපු ජනාධිපතිවරයාගේ භූගත මාළිගාවේ සේයාරූ මෙන්න.

Share on Google Plus