අරලියගහ මැඳුරේ භූගත මාළිගා නැහැ - සාගල රත්නායක.


අරලියගහ මන්දිරය තුළ භූගත රහස්‌ මාළිගා හෝ බංකර් පිහිටුවා නැතැයි දක්‌ෂිණ සංවර්ධන ඇමැති සාගල රත්නායක මහතා පැවසීය. එවැනි මන්දිර හෝ බංකර් හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්‌ඩාරනායක මහත්මියගේ සමයේදී හෝ ඉදිකර ඇත්දැයි සොයා බලන බවත් එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතා අගමැති ධුරයට පත්වී අරලියගහ මන්දිරයේ විසූ කාලයන්හිදීත් එවැනි දේ තනා නැති බවත් හෙතෙම කීය.

ජනාධිපති මන්දිරය තුළ පමණක්‌ නොව අරලියගහ මන්දිරය තුළද භූගත මන්දිර හෝ බංකර් තිබිය හැකි යෑයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා අභයාරාමයේදී ප්‍රකාශ කර තිබීම පිළිබඳ තමන් පුදුම වූ බවද සාගල රත්නායක මහතා වැඩිදුරටත් කියා සිටියේය.

-Divaina

Share on Google Plus