රේගුවේ තිදෙනෙක්‌ හොරෙන්ම ඉන්දියාවට පැනලා.


ශ්‍රී ලංකාවේ විශාලතම අල්ලස්‌ සිද්ධිය ලෙස සැලකෙන රුපියල් කෝටි දොළහමාරක අල්ලස්‌ ලබාගැනීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීමට නියමිතව සිටින රේගු නිලධාරීන් තිදෙනා හොර රහසේම ඉන්දියාවට පලාගොස්‌ ඇති බව පරීක්‍ෂණවලදී හෙළිවී ඇත.

පරීක්‍ෂණවලදී අනාවරණය වී ඇති අන්දමට මෙම අල්ලස්‌ සිද්ධියේ ප්‍රධාන සැකකරුවන් වන්නේ මෙසේ රටින් පලාගිය රේගු නිලධාරීන් තිදෙනාය.

ශ්‍රී ලංකාවේ විශාලතම අල්ලස්‌ සිද්ධිය සම්බන්ධයෙන් අල්ලස්‌ කොමිසම විසින් රේගු නිලධාරීන් තිදෙනකු මීට ඉහතදී අත්අඩංගුවට ගත් අතර මේ වන විට ඔවුහු බන්ධනාගාරගතව සිටිති. අත්අඩංගුවට ගැනීමට නියමිතව සිටින මෙම රේගු නිලධාරීන් ඉන්දියාවට පලාගොස්‌ ඇත්තේ මුහුදු මාර්ග ඔස්‌සේ අධිවේගී යාත්‍රාවකින් බව ද අනාවරණය වී තිබේ.

ලංකා ගමනාගමන මණ්‌ඩලයේ බස්‌ රථවලට අමතර කොටස්‌ ලබාදෙන පෞද්ගලික ආයතනයකින් රුපියල් කෝටි දොළහමාරක අල්ලසක්‌ ලබාගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් මෙම රේගු නිලධාරීන් වෙත චෝදනා එල්ල වී ඇත.

Share on Google Plus