මහින්දගේ මනමාල මස්සිනා ආගිය අතක් නෑ.


ශ්‍රී ලංකන් ගුවන් සේවාවේ සහ ශ්‍රී ලංකන් කේටරින් සේවාවේ හිටපු සභාපති නිශාන්ත වික්‍රමසිංහ මහතා ආගිය අතක් නොමැති බව ජනාධිපති විමර්ශන කොමිසමේ නිලධාරින් හමුවේ අනාවරණය වී ඇත. වසර 3කින් සැමියා නිවසට නොපැමිණි බව ඔහුගේ බිරිය ජනාධිපති විමර්ශන කොමිසන් සභාවේ නිලධාරින්ට පවසා ඇත.

ප්‍රකාශයක් සටහන් කරගැනීමට මෙම 30දා ජනාධිපති විමර්ශන කොමිසම හමුවේ පෙනී සිටින ලෙස දැනුම්දීමේ සිතාසිය රැගෙන ඒ මහතාගේ ගල්කිස්සේ පිහිටි නිවසට නිලධාරින් ගිය අවස්ථාවේදී බිරිය මේ බව පවසා තිබේ. 

ඇය සිතාසිය බාරගැනීම ද ප්‍රතික්ෂේප කර ඇත. නිශාන්ත වික්‍රමසිංහ මහතා කොමිසම හමුවේ පෙනී සිටීම පැහැරහැරීමට යොදන උපක්‍රමයක්දැයි යන්න ගැන කොමිසම පරීක්ෂණ පවත්වයි.

නිශාන්ත වික්‍රමසිංහ අදාළ ආයතන තුළ සිදු වූ දැවැන්ත වංචාවන් සම්බන්ධයෙන් චෝදනා ලැබූ බව පසුගිය කාලයේම තොරතුරු වාර්තා වූ අතර ශ්‍රී ලංකා ගුවන් සමාගම පාඩු ලැබීමටද එය හේතුවක් වූ බව වාර්තා විය. 


මේ අතර මොහු අදාළ තනතුර හොබ වමින් අදාළ ආයතනයේ හා වෙනත් පෙම්වතියන් සමග රට සවාරි ගිය බව ද මාධ්‍ය මගින් පසුගියකාලයේ තොරතුරු වාර්තා කර තිබිණි.

Share on Google Plus