ජිනීවා යෝජනා ගැන සර්වපාක්ෂික හමුව අද.


ජිනීවා යෝජනා සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජය කටයුතු කළ යුතු ආකාරය පිළිබඳ පක්ෂ නායකයන්ගේ මත විමසන සර්වපාක්ෂික දේශපාලන හමුවක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (22දා) ප.ව 5.00 ට ජනාධිපති කාර්යාලයේදී පැවැත්වේ.

අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ, විපක්ෂනායක ආර්. සම්බන්ධන් යන මහත්වරුන් ඇතුළු පාර්ලිමේන්තුව නියෝජනය කරන දේශපාලන පක්ෂ 21 ක සහභාගීත්වයෙන් මෙම සර්වපාක්ෂික දේශපාලන හමුව පැවැත්වේ.

එක් පක්ෂයකින් පක්ෂයේ මහ ලේකම් ඇතුළු තිදෙනෙකුට සර්වපාක්ෂික සමුළුව සඳහා සහභාගී වියහැකි අතර, සර්වපාක්ෂික නියෝජිත කමිටුවේ සභාපති මහාචාර්ය තිස්ස විතාරණ මහතාද, ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ නායක සරත් ෆොන්සේකා, පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල, කම්කරු ජාතික පෙරමුණේ නායක පී. දිගම්බරන් යන මහත්වරුන්ද මෙම හමුව සඳහා සහභාගි වීමට නියමිතය.

මේ අතර ද්‍රවිඩ එක්සත් පෙරමුණේ නායක ආනන්ද සංගරී මහතාට එම හමුවට ඇරයුම් කර නොමැති අතර, ඒ මහතා ඒ පිළිබඳව දන්වමින් ජනාධිපතිවරයා වෙත ලිපියක්ද එවා තිබේ.


Share on Google Plus