රනිල් සිංගප්පූරුවට.


අගමැති රනිල් වික්‍රමසිංහ මහතා අද (15) දෙදින නිල සංචාරයක් සඳහා සිංගප්පූරුව බලා පිටත්ව යාමට නියමිතය.

අගමැතිවරයා සමඟ ජාත්‍යන්තර වෙළෙඳ කටයුතු ඇමැති මලික් සමරවික්‍රම මහතා එම සංචාරයට සහභාගි වෙයි.

මෙම සංචාරයේදී අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සිංගප්පූරු අගමැතිවරයා සහ එරට ප්‍රධානපෙළේ ඇමැතිවරුන් කීප දෙනෙකු සමඟ සාකච්ඡා කිරීමට නියමිතය. ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක කිරීමට යෝජිත දැවැන්ත සංවර්ධන වැඩපිළිවෙළට සිංගප්පූරුවේ ආධාර සහ සහය ලබා ගැනීම මෙම සංචාරයේ අරමුණයි. තවද මෙරට සිදුකරන ආර්ථික විප්ලවයට සිංගප්පූරුවේ ආයෝජකයින් සහභාගි කරවා ගැනීමත් මෙම සංචාරයේ තවත් එක් අරමුණක් වන්නේය.

Share on Google Plus