ගෝඨා, ලලිත්, පී.බී - මෛත්‍රී හමුවූවේ ඇයි?


හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ, හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග, මහාමාර්ග අමාත්‍යාංශයේ හිටපු ලේකම් රංජිත් ප්‍රේමසිරි සහ මුදල් අමාත්‍යාංශයේ හිටපු ලේකම් පී.බී. ජයසුන්දර යන මහත්වරුන් පසුගිය 27 වනදා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමග විශේෂ සාකච්ඡාවක් පවත්වා ඇතැයි වාර්තා වේ.

ඔවුන් එකිනෙකා වෙන වෙනම පෞද්ගලිකවම ජනාධිපතිවරයා හමුවී ඇති අතර එහිදී සකාච්ඡා වූ කරුණු සම්බන්ධයෙන් කිසිවක් අනාවරණය නොවේ.

පසුගිය පාලන සමයේ සිදු කර ඇති බරපතල වංචා හා දූෂණ සම්බන්ධයෙන් ගෝඨාභය රාජපක්ෂ, ලලිත් වීරතුංග සහ පී.බී. ජයසුන්දර යන මහත්වරුන්ගෙන් මේ වනවිට එම වංචා දූෂණ විමර්ශනය කිරීම සඳහා පිහිටුවා ඇති ජනාධිපති කොමිසම විසින් ප්‍රශ්න කරමින් පවතින අතරතුර මෙසේ ඔවුන් ජනාධිපතිවරයා හමුවීම රටේ ආණ්දෝලනයට තුඩුදෙන කරුණක් වී තිබේ.

තමාගේ අනුදැනුම නොමැතිව හිටපු රජයේ නිලධාරීන් ගෙන්වා ප්‍රශ්නකිරමින් ඔවුන් අපහසුතාවයට පත්ව අන්දමින් කටයුතු නොකරන ලෙස අදාළ අංශ වෙත මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා දැනුම් දී ඇති බව මේ අතර සති අන්ත පුවත්පතක් වාර්තා කරයි.


Share on Google Plus