''මම ආවාම කිරි දුන්නා - කන්න දුන්නා - ඒ ඔක්කොම කරලා තමයි ගැහුවේ'' - මහින්ද.


"මම කියලා තිබුණේ සිසුන්ට ගහන්න එපා කියලා. මම ආවාම කිරි දුන්නා. පෙළපාලිවලින් ආපු අයට කන්න දුන්නා ඒ ඔක්කොම කරලා තමයි ගැහුවේ  සමහරුන්ට" යැයි හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා කියයි.

ඔහු මේ බව කියා සිටියේ ජනපති පරීක්ෂණ කොමිසම ඉදිරියේ අදත් පෙනී සිටීමෙන් පසු මාධ්‍යවේදීන් අමතමිනි.

සරසවි සිසුන් පිරිසකට ඊයේ සිදුවූ පහරදීම ගැන මාධ්‍යවේදියෙකු විමසන ලද ප්‍රශ්නයකට හිටපු ජනාධිපතිවරයා ඉහත පිළිතුර ලබාදුන්නේය.

එහිදී ඔහු කියා සිටියේ මෙම පහරදීම තමන් අනුමත නොකරන බවයි.

අවම බලය පාවිච්චි කළ හැකි වුණත් මෙවැනි බලයකට අවම බලයක් කිව නොහැකි බවත්, එම පහරදීම අනුමත නොකරන බවත්, ඔහු කීවේය.

මගේ කාලයෙන්  අවුරුදු 9ට පසුව සිදුවූ පහරදීමක් ලෙස මෙය ඇතැමුන් කියන බවද හිටපු ජනපති පැවසීය.

මේ අතර අයි.ටී.එන්. රූපවාහිනියේ ජනපතිවර‍ණයේ දැන්වීම් පළ කර මුදල් 
නොගෙවී යැයි කියන සිද්ධිය ගැන ද හිටපු ජනපති අදහස් දක්වමින් කියා සිටියේ මේ යන විදියට අයි.ටී.එන්. එකෙන් අපිට ගෙවීමට සිදුවනු ඇති බවයි.

ජනාධිපතිවරයා‍ ලෙස තමන්ගේ නත්තල් දින පණිවිඩයක් ප්‍රචාරය කිරීම ගැනද ගණන් හදා ඇති බවත්, එහෙම බැලුවාම විපක්ෂනායකගේත් නත්තල් දින පණිවිඩ ප්‍රචාරය කරන බවත්, හිටපු ජනාධිපතිවරයා සිනා මුසු මුහුණින් කියා සිටියේය.



Share on Google Plus