මහින්දගේ හොරකම් ගැන ආයෙත් අහයි.


පසුගිය ජනාධිපතිවරණ සමයේ ස්වාධීන රූපවාහිනී සේවය ඔස්සේ ගිවිස ගෙන තිබූ දැන්වීම්වලට වඩා රුපියල් කෝටි එකොළහකට වඩා වැඩි දැන්වීම් ප්‍රචාරය කරවාගෙන අදාළ මුදල් නොගෙවූයේයැයි කියන සිද්ධියට අදාළව හෙට සහ අනිද්දා (29-30) බරපතළ වංචා සහ දූෂණ සෙවීමේ ජනාධිපති පරීක්ෂණ කොමිසම හමුවේ පෙනී සිටින ලෙස හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට දැනුම් දී ඇත.  

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට අමතරව මෙම සිද්ධියට වගකිවයුතු පුද්ගලයන් වශයෙන් ස්වාධීන රූපවාහිනී සේවයේ හිටපු සභාපති අනුර සිරිවර්ධන, එහි සාමාන්‍යාධිකාරී අරුණ මූර්ති විජේසිංහ, එහි නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (අලෙවි) ජේ.ඒ. උපාලි රංජිත්, එහි සහකාර කළමනාකාර (අලෙවි) දිලිප් ප්‍රියන්ත වික්‍රමසිංහ, හිටපු ජනමාධ්‍ය හා ප්‍රවෘත්ති ඇමති කෙහෙළිය රඹුක්වැල්ල මහතාද කොමිසම හමුවට කැඳවනු ලැබ ඇත.

පසුගිය පාලන සමයේ සිදුවූ බරපතළ වංචා සහ දූෂණ සෙවීම සඳහා පත්කර ඇති මෙම කොමිසමේ සාමාජිකයන් ලෙස මහාධිකරණ විනිසුරුවරුන් වන ප්‍රීති පද්මන් සූරසේන (සභාපති), අමේන්ද්‍ර සෙනෙවිරත්න, විකුම් කළුආරච්චි, ගිහාන් කුලතුංග, සහ හිටපු විගණකාධිපතිවරයෙකු වන පී.ඒ. පද්මතිලක යන අය කටයුතු කරති.


Share on Google Plus