හිටපු ජනාධිපතිවරයාගේ භූගත මාළිගාවේ සේයාරූ මෙන්න.


හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් කොටුව ජනාධිපති මන්දිරයේ ඉදිකළ භූගත මාළිගාවේ ඡායාරූප මාධ්‍ය වෙත නිකුත්ව තිබෙනවා. රාජපක්ෂ පුතුන්ගේ පරිහරණය සඳහා තනා ඇති මෙම මාළිගාව සඳහා වැයකර ඇති මුදල මෙතෙක් ගණන් බලා නොමැත. වැයවී ඇති මුදල තවමත් නිර්ණය කිරීමට ජනාධිපති කාර්යාලය අපොහොසත්ව ඇත්තේ මෙය මහා පරිමාණ මාළිගාවක් වන හෙයිනි.

මෙම මාළිගාව පොළොව මතුපිට මහල් දෙකක් සහ පොළව යටට මහල් දෙකක් වනසේ නිර්මාණය කර තිබේ. මෙහි බිත්ති සම්පූර්ණ කොන්ක්‍රීට්වලින් නිමවා ඇති අතර එම බිත්තිවල ඝනකම අඩි 06 ක් පමණ වේ. එසේම පොළව මතුපිට කොන්ක්‍රීට් තට්ටුව අඩි 12 ක් පමණ ඝනකම් වනසේ නිමවා ඇත. සම්පූර්ණ මාළිගාවම වායුසමනය කර ඇති අතර එම මාළිගයේ මාසික විදුලි බිල ලක්ෂ 30 ක් පමණ වේ.

මාළිගයේ සිට කොළඹ වරාය දෙසට උමං මාර්ගයක් ද තනා ඇති අතර එය ද ඝන කොන්ක්‍රීට් බිත්තිවලින් සමන්විත වේ.

පසුගිය කාලයේ බලයෙන් පහකෙරුණු ඉරාකයේ සදාම් හුසේන්, ලිබියාවේ ගඩාෆි වැනි ඒකාධිපති නායකයන් මහජන මුදල් වැයකරමින් සිය පවුලේ සුඛවිහරණය සඳහා මාළිගා ඉදිකළ අතර ඔවුන් බලාපොරොත්තු වූයේ සිය ජීවිත කාලයම ඒවා භුක්ති විඳීමටයි. හිටපු ජනාධිපතිවරයා ගොඩනැගූ මෙම මාළිගය දුටුවිට සිහිපත්වන්නේ හිටපු ජනාධිපතිවරයා ද ඉහත කී ඒකාධිපතියන් මෙන් ජීවිත කාලයම මෙම සුඛෝපභෝගී මාළිගා භුක්ති විඳීමට බලාපොරොත්තුවෙන් සිටි බවයි.



-LNW
palace 1
aaaaa 1
aaaaa 2
aaaaa 3
aaaaa 4
aaaaa 5
palace 2
palace 3
palace 4
palace 6
palace 7
palace 8
palace 9
palace 12
palace 13
palace 14
palace 15
palace 16
palace 19
palace 20
palace 21
palace 22








Share on Google Plus