විමල් හදිසියේ රට යන්න හැදූ හේතුව හෙළිවෙයි.


ජිනීවා යෝජනා සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ දින දෙකක විවාදයක් පවතින අවස්ථාවේදී එයට සම්බන්ධ නොවී වීරවංස මන්ත්‍රීවරයා රට යන්න සූදානම් වූයේ එල්.ටී.ටී.ඊ. හිතවාදීන් පිරිසක් ඉතාලියේදී හමුවීමට බව නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී. පෙරේරා මහතා අද (23) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.

වැඩිදුරටත් අදහස් දැක්වූ නියෝජ්‍ය ඇමතිවරයා පැවසූයේ වීරවංස මන්ත්‍රීවරයා ඉතාලියේදී එවැනි කණ්ඩායමක් හමුවී සාකච්ඡාවක් පැවැත්වීමට සූදානමක් පවතින බවට වැදගත් තොරතුරු රැසක් ලැබී ඇති බවත් ඒ සඳහා ඔහු විදේශ ගමන් බලපත්‍ර දෙකක් භාවිතා කිරීමට සූදානම් වී ඇති බවයි.

Share on Google Plus