ප‍්‍රහාරයට එරෙහිව අන්තරය ජාත්‍යන්තරයට.


එච්.එන්.ඩී.එ්. හෙවත් අන්තර් උසස් ජාතික ගණකාධිකාරී ඩිප්ලෝමා පාඨමාලා සිසුන්ට ඊයේ (29) එල්ල වූ පොලිස් ප‍්‍රහාරයට එරෙහිව ජාත්‍යන්තරය හමුවේ කරණු දක්වන බව අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය පවසනවා.

එහි කැඳවුම්කරු ලහිරු වීරසේකර සඳහන් කළේ අදාළ ප‍්‍රහාරය සම්බන්ධයෙන් තානාපති කාර්යාලද දැනුවත් කරන බවයි.

පහරදීම සම්බන්ධයෙන් මානව හිමිකම් කොමිසන් සභාවට පැමිණිල්ලක් ගොනු කරන බව ඔහු කියා සිටියා. 

විශ්ව විද්‍යාල ප‍්‍රතිපාදන කොමිසන් සභාව ඉදිරිපිට ඊයේ (29) විරෝධතවයේ නිරත වූ විශ්ව විද්‍යාල සිසුන් පිරික් විසුරුවා හැරීමට පොලීසිය කඳුළුගෑස් , ජල සහ බැටන් ප‍්‍රහාරයක් එල්ල කළා.

කලහාකාරී ලෙස හැසිරුණු සිසුන් 39 දෙනෙකු අත්අඩංගුවට ගැනුනු බවයි පොලීසිය පැවසුවේ. එ් අතර ශිෂ්‍ය භික්ෂුන් වහන්සේ දෙනමක් සහ සිසුවියන් පස්දෙනෙකුද වනවා. 


Share on Google Plus