ස්වාධීන රූපවාහිනිය ගණනය කරන්න බැරි තරම් මහින්දගේ දැන්වීම් ගීත නොමිලේ දාලා.


පසුගිය ජනාධිපතිවරණයේදී ස්වාධින රූපවාහිනිය ඔස්සේ විකාශය කළ මැතිවරණ ප්‍රචාරක දැන්වීම් වැඩි කොටසක් මුදල් නොගෙවා සහ නොමිලේ ප්‍රචාරය වී තිබෙන බව ජනාධිපති විමර්ශන කොමිසම හමුවේ ඊයේ (29) අනාවරණය විය. නිල් බළකායේ මැතිවරණ ප්‍රචාරක දැන්වීම්, හෙළිදරව්ව සහ මිස්ට ප්‍රභාකරන් යන මැතිවරණ ප්‍රචාරක දැන්වීම් කිහිපයකට පමණක් මුදල් ගෙවා ඇති බව ද හෙළි විය.

මැතිවරණ ප්‍රචාරක දැන්වීම් සඳහා වට්ටම් ලබාදීමක් සිදු නොවන බවත් කොමිසම හමුවේ අනාවරණය විය. ස්වාධීන රූපවාහිනී සේවාවේ ප්‍රධාන අභ්‍යන්තර විගණක මංජුල අලගියවන්න මහතා කොමිසම ඉදිරියේ සාක්ෂි දෙමින් එම අනාවරණය කළේ නීතිඥ හේමන්ත ගාර්දිහේවා මහතාගේ හරස් ප්‍රශ්න හමුවේදීය.

එසේම ජනාධිපතිවරණ ප්‍රචාරක දැන්වීම් විකාශනය යටතේ හිටපු ජනාධිපතිවරයාගේ “ජනාධිපති ගීතය” කිසිදු මුදල් ගෙවීමකින් තොරව ස්වාධීන රූපවාහිනිය ඔස්සේ ගණනය කිරීමට අපහසු තරම් වාර ගණනක් විකාශනය කර තිබෙන බවද ඊයේ (29) අනාවරණය විය.

එවැනි ගීතයක් සඳහා අයවිය යුතු මුදල රේටින් කාඩ්පතේ නොමැත.

එමනිසා ඒ සඳහා වැයවන විශාල මුදල අයවිය යුතු මුළු මුදලට ඇතුළත් කර නැති බව ස්වාධීන රූපවාහිනී සේවාවේ ප්‍රධාන අභ්‍යන්තර විගණක මංජුල අලගියවන්න මහතා කොමිසම හමුවේ සාක්ෂි දෙමින් මෙම අනාවරණය කළේය.

සෑමදේටම මහින්ද රාජපක්ෂ මහතා පටලවා ගනිමින් ඔහුට විවිධ චෝදනා එල්ල කරන බවට ජනාධිපති නීතිඥ ගාමිණී මාරපන මහතාගේ හරස් ප්‍රශ්න හමුවේ පිළිතුරු දෙමින් සාක්ෂිකරු කොමිසම හමුවේ එම අනාවරණය කළේය.

සැබවින්ම එම මුදල මුළු මුදලින් ඉවත් කළේ තක්සේරුකළ නොහැකි මුදලක් තක්සේරු කළ බවට යම් අභියෝගයක් එල්ලවුවහොත් අපහසුතාවකට පත්වන නිසා බවත් සාක්ෂිකරු වැඩිදුරටත් සාක්ෂි දෙමින් පැවැසීය.


Share on Google Plus