අන්තර්ජාල පරිහරණය කිරීමේ නිදහස අතින් ශ්‍රී ලංකාවට ඉදිරියට.


අන්තර්ජාලය පරිහරණය කිරීමේ නිදහස අතින් ශ්‍රී ලංකාවට මෙවර ඉහළ ස්ථානයක් හිමි වී තිබෙනවා. 

ලෝකයේ රටවල් 65ක අන්තර්ජාල පරිහරණය සැලකිල්ලට ගෙන සිදුකළ මෙම සමීක්ෂණයට අනුව ශ්‍රී ලංකාව හඳුන්වා ඇත්තේ පාර්ශවීය වශයෙන් අන්තර් ජාල නිදහසක් ඇති රටක් ලෙසයි. 

අංක එක ඉහළම නිදහස ලෙස සැලකූ විට එහිදී ශ්‍රී ලංකාවට හිමිවී ඇති ලකුණු සංඛ්‍යාව සීයෙන් 47ක්. 2014 වසරේදී ශ්‍රී ලංකාවට ලකුණු 58ක් හිමි වී තිබුණා. 

මෙරට අන්තර් ජාල පරිහරණය ද මේ වන විට 26% දක්වා ඉහළ ගොස් ඇති බව සමීක්ෂණයේදී හෙළි වී ඇති තවත් කරුණක්. ඒ අනුව ශ්‍රී ලංකාවේ අන්තර්ජාලය පරිහරණය කරන සංඛ්‍යාව මිලියන 5ක් පමණ වේයැයි සැලකෙනවා.

Share on Google Plus