මුදල් ඇමතිතුමාගේ අවදානය පිණිසයි.


ශ්‍රී ලංකාව තුල හුවමාරු වන බහාලුම් (Container) ස්කෑන් කිරීම සඳහා පිහිටුවීමට යෝජිත BOT (Build Operate and Transfer) ව්‍යාපෘතිය සඳහා ලොව ප්‍රබල සමාගම් 10 ඉල්ලුම් කර තිබෙනවා. මෙම සමාගම් මේ සඳහා මෙසේ ඉල්ලුම් කරන ලද්දේ පසුගිය ජනාධිපතිවරණයෙන් පසුව ශ්‍රීලංකා රේගුව විසින් පලකරන ලද  දැන්වීමකට අනුවය. අදාල සමාගම් රේගුව වෙත අදාල ව්‍යාපෘතිය සඳහා කැමැත්ත පළකිරීමේ (Expression of Interest - EOI) ලියකියවිලි ඉදිරිපත්කර තිබෙනවා. 

විශේෂ ප්‍රාගුණ්‍යයක් සහිතව සිදු කළයුතු මෙම ක්‍රියාවලිය සඳහා මෙසේ කැමැත්ත පළකොට ඇත්තේ ලොව ප්‍රකට සමාගම් වන ජර්මනියේ 'Smith Detection' සමාගමේ මෙරට නියෝජිතායතනය වන Exel Trading (Pvt) Ltd, කැනඩාවේ VDS (Visual Defence System), Rotex Limited, Sathsindu Shipping, Nuctech, Exel Trading (Pvt) Ltd, SNG Enterprises, SGS from Switzerland, Epic Lanka (Pvt) Ltd, Rapiscan Systems සහ Cotecna Inspection SA යන සමාගම් වේ.

දින සියයයේ ආණ්ඩුව බලයට පත්වීමෙන් පසු සමාගම්වල සුදුසුකම් පරික්ෂාකර මෙම ව්‍යාපෘතිය ඇරඹීමට නිසි සමාගමකට පවරනවා වෙනුවට කිසිදු හේතුවක් නොමැතිව ව්‍යාපෘතිය තාවකාලිකව අත්හිටුවා  මේවනවිට ඒ සඳහා අලුතින් EOI කැඳවීමට සැරසෙනබව දැනගන්නට ඇත. ඊට අවශ්‍ය නිර්ණායකයන් සකස්කිරීම සඳහා කමිටුවක්ද පත්කොට තිබේ.

අදාල කමිටුවට මොරටුව සරසවියේ මහාචාර්ය වරයෙද ඇතුලත් වන අතර ඔහු  ජර්මනියේ 'Smith Detection' සමාගමේ මෙරට නියෝජිතායතනය වන Exel Trading (Pvt) Ltd හි අධ්‍යක්ෂවරයකුගේ සමීප හිතවතෙකු බවද දැනගන්නට ඇත. අදාල හිතවත්කම් මත සකසා ඇති නිර්ණායකයන්ට අනුව ජර්මනියේ 'Smith Detection' ආයතනයට හැර අනෙකුත් ආයතනයන්ට මේ සඳහා ඉල්ලුම් කිරීමට නොහැකි තත්වයක් උදාවී ඇතිබව වාර්තා වේ. මේ පිළිබඳව සමාගම් කිහිපයක් මේ වනවිටත් මුදල් අමාත්‍යංශයට මේ පිළිබඳව දන්වා ඇතැයිද වාර්තාවේ 

මුදල් ඇමතිතුමනි මේ ඔබගේ අවදානය පිණිසයි.


Share on Google Plus