අගමැතිගේ බාල සොයුරා විගහට සල්ලි හම්බ කරන මාර්ග සොයයි.


අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ බාල සොයුරු චන්න වික්‍රමසිංහගේ ක්‍රියාවන් ඔහුගේ පවුලේ ජේෂ්ඨයින්ගේ නමට නොගැලපෙන ක්‍රියාවන් බව වාර්තා වේ.

කළමණාකාරණ දුර්වලතාවයන් හේතුවෙන්  චන්නගේ  ව්‍යාපාර වරක් ණය කාරයින්ගේ අතට පත්වීමට පිඹුරු පත් සැකසුණි.  වාසනාවට අමාත්‍ය දයා ගමගේ එය නිදහස් කර දෙනු ලැබීය.

එසේම චන්න වික්‍රමසිංහගේ මිතුරෙක් වන කුප්‍රකට අබේ නොහොත් ටැක්සි අබේ,  වික්‍රමසිංහ පවුලට හෙනහුරෙකි.  

චන්න වික්‍රමසිංහ පරිපාලනයට රිංගා ගැනීමට සමත් විය.  ඔහුගේ කටයුතුවල වගකීම ගැනීමට සිදුවන නිසා එක්සත් ජාතික පක්ෂයෙන් නායකයන්ගෙන් පැමිණි විරෝධතාවය හමුවේ චන්න වික්‍රමසිංහව එයින් ඉවත් කරනු ලැබීය.

ඊට අමතර චන්න වික්‍රමසිංහ මේ දිනවල තම සොයුරාගේ නම විකුණමින් රජයේ මහාපරිමාණ කොන්ත්‍රාත්තු පිළිබඳව ඇහැ ගහගෙන සිටී. චන්න වික්‍රමසිංහ අවබෝධ කර ගත යුතු කාරණය නම් රනිල් වික්‍රමසිංහ යනු කණ්ඩායමේ එක් අයෙක් පමණක් වන අතර එහි ප්‍රධානියා අගමැතිවරයා නොව ජනාධිපතිවරයා බවයි. ඔහුගේ ව්‍යාපෘතිය සඳහා රජයේ බැංකු දෙකකින් මුදල් ආධාර ලබා ගැනීමට බලපෑම් කළ බවත් එම බැංකු ඒවා කාරුණිකව ප්‍රතික්ෂේප කර මේ පිළිබඳව ජනාධිපතිවරයාවද දැනුවත් කළ බවත්  විශ්වාසකටයුතු ආරංචි මාර්ගයක් පෙන්වා දෙයි.   

චන්න, නොයෙල් සෙල්වනායගම් සහ සුමල් පෙරේරා වැනි ජාවාරම්කරුවන් සමග නිතර හෝටල්වල ව්‍යාපාර ගණුදෙනු පිළිබඳ කතා කරමින් සිටිනු දක්නට ලැබෙයි.

සීනොක් ෆේමේ හි නොයෙල් සෙල්වනායගම් ගාල්ලේ රෝහලක් සෑදීමට ජර්මනියේ රාජ්‍ය නොවන සංවිධානයක් ලබා දුන් මුදල් ආධාර අයථා ලෙස පරිහරණය කරමින් එම ආයතනයට හදුන්වා දුන් රනිල් වික්‍රමසිංහ මහතාගේ නම කැතකළ පුද්ගලයෙකි. එම රෝහලේ ගොඩනැගිල්ල කිසිදාක නිමකලේ නැත. රනිල් වික්‍රමසිංහ මහතාටම එහි ගොස් ඒවා පිළිබඳව සොයා බැලීමට සිදුවිය. ඉන්පසු රනිල් වික්‍රමසිංහ මහතා අතහැර ගොස් රාජපක්ෂ රෙජීමයට  හේත්තු වී  ව්‍යාපාර කලේය. එසේම හිටපු ජනාධිපතිවරය  සමග ලෝකෙ පුරා සංචාරය කලේය.

පක්ෂ ආරංචි මාර්ග පෙන්වා දෙන පරිදි චන්න වික්‍රමසිංහ තම සොයුරු රනිල් වික්‍රමසිංහ මහතාගේ නම විකුණමින් විශාල ගණුදෙනුවක් නැවැත්වීමට ක්‍රියා කලේය.  මෙයින් අගමැතිවරයාට මෙන්ම රජයටද අපකීර්තියක් ගෙන දෙන බව සහතික කරුණකි.

එක්සත් ජාතික පක්ෂය රනිල් වික්‍රමසිංහගේ නොවන බවත් ලෝකය පුරා සිටින මිලියන ගනණක් සාමාජිකයන්ට අයත් එකක් බවත් චන්න චික්‍රමසිංහ දැන ගත යුතු වේ.


උපුටාගැනීම : LNW (Lanka News Web)

Share on Google Plus