'අප්පගේ දැන්වීම් දානකොට පුතා කොමිස් ගන්නවා.'


ජනාධිපති විමර්ෂණ කොමිසම මගින් මේ දිනවල හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගෙන් ප්‍රශ්නකිරීම් සිදු කරීමට අදාළ වූ ස්වාධීන රූපවාහිනියේ ජනාධිපතිවරණ දැන්වීම් පල කිරීමේදී මුදල් නොගෙවීම සම්බන්ධ කාරණයේදී එම දැන්වීම ලබා දීම සිදු කළ මීඩියා ෆැක්ටරි නම් ඒජන්සිය යෝෂිත රාජපක්ෂට අයත් එකක් බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර දිසානායක මහතා පවසයි.

ඒ අනුව ප්‍රශ්න කළ යුත්තේ එම දැන්වීම්වල රඟපෑ මහින්ද රාජපක්ෂ නොව යෝෂිත රාජපක්ෂගේ මීඩියා ෆැක්ටරි නම් ඒජන්සිය සහ ස්වාධීන රූපවාහිනී ආයත බවද ඒ මහතා වැඩිදුරටත් සඳහන් කරයි.

ඒ මහතා මේ බව පැවසූවේ පෙරේදා(29) අනුරාධපුරයේ පැවති, ජනාධිපතිවරයාට සහ අගමැතිවරයාට බාරදී තිබෙන ජනතා විමුක්ති පෙරමුණ, විශ්වවිද්‍යාල ආචාර්යවරුන්, කලාකරුවන්, නීතිඥයින්, පරිසරවේදීන්, වෘත්තිකයින් ඇතුළු විද්වතුන් පිරිසක් විසින් සකස් කරන ලද කරුණු 20කින් ඇතුළත් ආණ්ඩුව විසින් කඩිනමින් ඉටුකළ යුතු ප‍්‍රතිසංස්කරණ යෝජනා මාලාව සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කරන ජාතික කථිකාව අවස්ථාවේ දේශනය පවත්වමිනි.

Share on Google Plus