ජනපති කොමිසම නැවේ අවි ගණන් කරයි.


මහාපරිමාණ දූෂණ වංචා පිළිබඳ ජනාධිපති විමර්ශන කොමිසම ඇවන්ගාර්ඞ් නෞකාව සම්බන්ධයෙන් අද (28) පරීක්ෂණ ආරම්භ කළා.

එම කොමිසමේ ජ්‍යෙෂ්ඨ නිළධාරියෙකු පැවසුවේ නෞකාවේ ඇති ගිනි අවි ගණන් කිරීම අද දිනයේදී ආරම්භ කෙරුණු බවයි.

ඒ සඳහා ප‍්‍රධාන පොලිස් පරීක්ෂක රංජිත් රාජපක්ෂ මහතාගේ ප‍්‍රධානත්වයෙන් යුත් පොලිස් නිළධාරීන් 05 දෙනෙකු පත් කර තිබෙනවා.

හෙට (29) දිනයේද ගිනි අවි ගණන් කිරීමේ කටයුතු සිදු කෙරෙනු ඇති. ගාල්ල වරායේ නැංගුරම් ලා තිබෙන ඇවන්ගාර්ඞ් පාවෙන අවි ගබඩාව සම්බන්ධයෙන් අදාළ කොමිසමට ඉකුත් දා පැමිණිල්ලක් ඉදිරිපත් වුණා.

ඒ අනුව ඒ සම්බන්ධයෙන් විමර්ශනයක් සිදු කළ යුතු බව මහාපරිමාණ දූෂණ වංචා පිළිබඳ ජනාධිපති විමර්ශන කොමිසම පොලිස්පතිවරයාට දැනුම් දුන්නා. 


Share on Google Plus