වංචා විමර්ශන කොමිසමේ අතුරු වාර්තාවක් ජනපතිට - ඇවන්ගාඩ් වෙත හෙට.


බරපතළ වංචා විමර්ශන පිළිබඳ සොයාබැලීමේ ජනාධිපති කොමිසම මෙතෙක් සිදුකරන ලද විමර්ශන සම්බන්ධයෙන් අතුරු වාර්තාවක් ඉදිරි සති දෙක තුළ ජනාධිපතිවරයා වෙත භාරදීමට කටයුතු කරනබව  ලේකම් ලැසිල් ද සිල්වා මහතා සඳහන් කළේය. කොමිසම විසින් මේ දක්වා සිදුකරන ලද විමර්ශනවල ප්‍රගතිය ඇතුළත් අතුරු වාර්තා දෙකක් මේ වන විටත් ජනාධිපතිවරයා වෙත භාරදී තිබේ. 

තවඳ බරපතළ වංචා සෙවීමේ ජනාධිපති කොමිසමේ නිලධාරින් කණ්ඩායමක් හෙට දිනයේ ගාල්ල වරායේ රඳවා ඇති ඇවන්ගාඩ් නෞකාව නිරීක්ෂණය සඳහා පිටත්ව යාමටද නියමිතය.


Share on Google Plus