කබ්රාල් නිසා මහ බැංකුවට කෝටි 449ක පාඩුවක්!


හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල්ගේ ක්‍රියා කලාපය නිසා බිඳ වැටුණු ගෝල්ඩන් කී මූල්‍ය සමාගමේ තැන්පතු කරුවන්ට වන්දි ගෙවීම සඳහා මහා භාණ්ඩාගාරයෙන් මහජන මුදල් රුපියල් කෝටි 449ක් මේ වනවිට ශ්‍රී ලංකා මහ බැංකුවට ලබා දී ඇති ඇති බව පැවසේ.

මෙම විශාල මුදල් ප්‍රමාණය අවස්ථා දෙකකදී ලබා දී ඇති අතර ඒ සඳහා කැබිනට් මණ්ඩලයේද අනුමැතිය ලබා ගෙන තිබේ. එම මුදල මහා බැංකුවට ණය මුදලක් වශයෙන් මහා භාණ්ඩාගාරයෙන් ලබා දෙන ලෙස අනුමැතිය ලබා ගෙන තිබේ. මුල් අවස්ථාවේදී රුපියල් කෝටි 394ක්ද, නැවත රුපියල් කෝටි 54ක්ද වශයෙන් මහා භාණ්ඩාගාරයෙන් මෙලෙස මුදල් ලබා ගෙන තිබේ.

ගෝල්ඩන් කී මුල්‍ය සමාගම නීති විරෝධී මූල්‍ය ආයතනයක් බව අජිත් නිවාඩ් කබ්රාල්ට පෙර මහ බැංකු අධිපතිව සිටී සුනිල් මෙන්ඩිස් මහතා නිර්දේශ කර තිබියදී ඔහුගේ ඉවත් වීමෙන් පසුව මහ බැංකු අධිපති ලෙස හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ විසින් අජිත් නිවාඩ් කබ්රාල් පත්කරනු ලැබීය. නීති විරෝධී මූල්‍ය සමාගමක් බවට මහ බැංකුව කර තිබූ නිර්දේශයට අනුව ගෝල්ඩන් කී මූල්‍ය සමාගමට එරෙහිව කටයුතු කළ යුතුව තිබූ නමුත් අජිත් නිවාඩ් කබ්රාල් මහ බැංකු අධිපති බවට පත් වීමෙන් අනතුරුව ඒ පිළිබඳව කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නොතිබිණි.

2009 වසරේදී ගෝල්ඩන් කී මූල්‍ය සමාගම බිඳ වැටුණු අතර මේ වනවිට මහජන මුදල් කෝටි ගණන් යොදවමින් එම තැන්පත් කරුවන්ට වන්දි ගෙවමින් සිටී.

Share on Google Plus