හිටපු ඇමති 30 කට නඩු.


නිළ නිවාස භාර නොදුන් පසුගිය රජයේ හිටපු මැති ඇමතිවරුන් 30 දෙනෙකුට එරෙහිව නඩු පැවරීමට රාජ්‍ය පරිපාලන හා කළමණාකරණ අමාත්‍යංශය තීරණය කර තිබෙනවා.

නිළ නිවාස භාර දෙන ලෙසට අදාළ මැති ඇමතිවරුන්ට අවස්ථා කිහිපයකදීම ලිඛිතව දැනුම් දී ඇතත් ඔවුන් ඒ සඳහා නිසි ප‍්‍රතිචාරයක් දක්වා නැහැ.

මෙම තත්වය නිසා අලූතෙන් නිවාස ඉල්ලූම් කර ඇති ඇමතිවරුන්ට නිවාස ලබා දීමද ගැටලූවක් වී තිබෙනවා.

නිළ නිවාස භාර නොදුන් මැති ඇමතිවරුන්ගෙන් බහුතරයක් ඉකුත් මහමැතිවරණයෙන් පරාජයට පත්වූවන් බවයි රාජ්‍ය පරිපාලන හා කළමණාකරණ අමාත්‍යංශය ප‍්‍රකාශ කළේ.

Share on Google Plus