23 වැනිදාට ගෙදරට නිදහස ලබා දෙන හැටි යුරේනි කියයි. (Video)


පසුගියදා කොටුව දුම්රියපොළ ඉදිරිපසදී පවත්වනු ලැබූ උද්ඝෝෂණය පිළිබඳ අදහස් දක්වමින් ජනප‍්‍රිය නිළි යුරේනි නොෂිකා ප‍්‍රකාශ කර සිටියේ උද්ඝෝෂණයේ යෙදුණු පිරිස් වල ඉල්ලීම පරිදි ඔවුන්ගේ නිවාස වල පූර්ණ නිදහස ලබා දීමට තමන් කටයුතු කරන බවද එම සතුටුදායත පණිවිඩය 23 වනදා රාත‍්‍රියේදී රූපවාහිනිය තුලින් ලබා දීමට කටයුතු කර බවද ඇය පැවසීය.  ඒ පිලිබඳව ඇය අදහස් දැක්වූයේ මෙලෙසිනි.

‘‘පසුගිය සිකුරාදා විශාල පිරිසක් ඔවුන්ගේ නිවාස වල නිදහස ලබා දෙන ලෙස ඉල්ලා උද්ඝෝෂණය කරන ප‍්‍රවෘත්තියක් මට දැක ගන්න ලැබුණා. ඒ ඡුායාරූප, වීඩියෝ මම දැක්කා. ඔවුන්ගේ නිවාස වල නිදහස ඔවුන්ටම ලබා දෙමින්් ඒ ගැටලූව නිරාකරණය කර දීමට මම කැමතියි. ඒ පිළිබඳ විශේෂ ප‍්‍රකාශයක් 23 වනදා රාත‍්‍රියේ රූපවාහිනිය තුළින් සිදු කිරීමට මා බලාපොරොත්තු වෙනවා. එය ඔවුන්ගේ ගැටලූවට හොඳම විසඳුම වනු ඇතැයි මම විශ්වාස කරනවා. යලිත් මේ ආකාරයේ උද්ඝෝෂණ සිදු කිරීමේ අවශ්‍යතාවක් නැහැ.’’




Share on Google Plus