සුන්දර ඇලි හත රැකගන්න 20-21 වෙන්ට් එකට එන්න.


බලදරයන් මර නින්දේ සිටිදී ලොවට හොරෙන් සැගව යන සුන්දර ඇලි හත යුවතිය මෙතුවක් කාලෙකට බඹරගල කන්ද වර්ණවත් කරමින් ගලාගිය නයා ගං කොමලිය ඇයගේ අයිතියෙන් කොටසක් බලහත් කාරයෙන් උදුරා ගනිද්දි දනින් වැටිය නොහැකිව ඇයගේ සේලය දිගහැරුනු මහා ගල්පර දෙකක් සුර්ය්‍ය රෂ්මි මාලාවෙන් වියලෙන්නට හැර වෙත්ම මගකින් ටබයිනයක් තුල තැලී පෙඩිවී මහාහඩකින් විලාප නගමීන් සමනල රක්ෂිතයෙන් නික්ම යයි.

1940 ඔත්තෝම්බර් 25 අංක 8675 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයෙන් අභය භූමියක් ලෙසද වන සත්ත්ව හා වෘක්ෂලතා ආරක්ෂක ආඥා පනතට අනුව 2007 සැප්තැම්බර් 7 වන දින අංක 1515/21 දරණ ගැසට් නිවේදනයෙන් ස්වභාව රක්ෂිතය ලෙසද 2010 - 08 - 02 දින යුනිස්කෝ ලෝකවුරුම සම්මුතිය විසින් සමනල ස්වභාව රක්ෂිතය ලෝක උරුමහක් ලෙස ප්‍රකාශයට පත්කර ඇත.

මෙවන් භූමියක 2009 අංක 22 දරන පනතින් අවසන් වරට සංශෝධිත වන සත්ත්ව හා වෘක්ෂලතා ආරක්ෂක ආඥා පනතේ 3 හා 6 වගන්තිවලට අනුව ස්වභාව රක්ෂිතයකට ඇතුළුවීම, වෘක්ෂලතාවලට හානි සිදු කිරීම, ශාක ඉවත් කිරීම, කැලෑ එළි පෙහෙළි කිරීම, හෑරීම, ස්ථිර හෝ තාවකාලික ගොඩනැඟිලි ඉදිකිරීම, මාර්ග තැනීම හෝ ඒවා භාවිත කිරීම සම්පූර්ණයෙන් ම නීති විරෝධී වෙති.

එම පනතේ 6(4) වගන්තියට අනුව ඉහත හානිකර ක‍්‍රියාවල යෙදෙන යම් තැනැත්තෙක් වරදකරු වන අතර එසේ වරදකරු වීමේ දී රුපියල් විසිදහසකට නොඅඩු සහ රුපියල් ලක්ෂයකට නොවැඩි දඩයකට හෝ අවරුදු දෙකකට නොඅඩු සහ අවුරුදු පහකට නොවැඩි කාලයක් සඳහා බන්ධනාගාරගත කිරීමකට හෝ ඒ දෙකට ම ලක් විය හැකි ය. ඒ වරදට ම නැවත වරක් වරදකරු වුවහොත් රුපියල් හතලිස් දහසකට නොඅඩු සහ රුපියල් ලක්ෂ දෙකකට නොවැඩි දඩයකට හෝ අවුරුදු පහකට නොඅඩු සහ අවුරුදු දහයකට නොවැඩි කාලයක් සඳහා බන්ධනාගාර ගත කිරීමකට හෝ ඒ දඩය සහ බන්ධනාගාරගත කිරීම යන දෙකට ම හෝ ඔහු යටත් විය යුතු ය.

මෙවන් පැහැදිලි තීතියක් මෙරට ක්‍රියාත්මක වෙද්දී අමු අමුවේ මෙම නීති උල්ලන්ගනය කරමින් රක්ෂිතයෙන් පිටයැයි උළුප්පා පෙන්වමින් රක්ෂිතය තුල ඉදිකරඇති මෙම සියලුම නීති විරෝදි අනවසර ඉදිකිරිම් අහාම අකුලාගත යුතුව ඇත එසේ හකුලාගන්නේ තැතිනම් පරිසර මතාවට ආදරය කරන සියළුමදෙනා එක්වී දිවිහිමියෙන් පරිසර මාතාව අමු අමුවේ දෙනේදාහක් මැද නිරුවත් කිරීමට විරුද්ව ක්‍රයාමාර්ග ගතයුතුව ඇත.

ලොක උරුම සමනළ අඩවි ස්වාභව රක්ෂිතය යනු ඊට ම ආවේණික ජීවී විශේෂ අති බහුතරයක් ජීවත් වන ලංකාවේ සුවිශේෂීම ජෛව කලාපයකි මෙම රක්ෂිතය තුල සගවාගත් එලිනෙවු රහස් අදටත් සගවාගෙන සිටි ඇලි හත හා ඒ ආශ‍්‍රිත වනාන්තර යනු ඉතාම දුර්ලභ ජිවී විශේෂ හා ශාක රාශියක්  වාර්තාවන ප‍්‍රදේශයකි මෙවන් වටිනා ප්‍රදේශයක් එක් පුද්ගලයෙකුගේ තනි සුඛවිවරනයට නතුකර දුන්නෝ කවුරුන්ද වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවත් වනජීවී අමාත්‍යංශයත් මධ්‍යම පරිසර අදිකාරියත් තවදුරටත් මුනිවත රකින්නේ මේවාකරනවුන් රජයේ බලවතුන් නිසාද නැතිනම් අතයටින් ලබාගත් කුට්ටිය ලොකුවැඩිනිසාද, පහතරට වැසි වනාන්තරවල සිට ඉහල කදුකර වළාකුළු වනාන්තර දක්වා පරිසර පද්ති රාශියක් එක්තැනකට ගොනුකල අලංකාර ලොක උරුම සමනළ අඩවි ස්වාභව රක්ෂිතය හා ඇලිහත ප්‍රමුඛ නයා ගං කොමලිය ඔබගේ මුතුන් මිත්තන්ටත් ඔබගේ දෙමාපියන්ටත් ඔබටත් ජීවය ලබාදෙමින් වසර දහස් ගනනක් මුලුල්ලේ අනුපමය සේවාවක් ඉටුකලේ කිසිදු ප්‍රථිලාබයකින් තොරවය මැයගේ මලගම සිදුනොවුනහොත් ඔබගේ දරුවන් මුනුපුරන්හා අනාගත දරුපරපුර උදෙසා ඔවුගේ ජීවය උදෙසා ඔවුන්ගේ හුස්මපොද උදෙසා සේවය කරන්නේද කිසිදු ප්‍රථිලාබයකින් තොරවය.

එසේනම් ඔබගේ යුතුකමට වගකීමට කාලයයි මේ එකෙසෙදයත් ඇයට වින කටින ඇයව නිරුවස්ත්‍ර කරන ඇයව සමුල දුෂනයට ලක්කරන නරුමයින් පොරකයට යවා  ඇයව මෙම වියසනයෙන් ලගවාගැනීමට අද අදම ක්‍රියාකල යුතුය වෙදාටත් වඩා අදදවසේ ඇයට ඔබගේ ආදරය කරුනාව හිමිවිය යුතුව ඇත්තේ ඇයගේ ශරීරයට කෙලහලන මුදලට ගිජුවු මන්ද මානසික පෙරේත රැලක් නිරතුරුව ඇයවටා කරකෙමින් ඇයගේ රීරිමාංශ උරාගැනීමට පොරකන නිසාවෙනි.

එසේනම් දයාබර මිනිසුනේ නුපන් දරුවන්ගේ හෙට දවස උදෙසා එකට එක්වී ඇයව සුරකිමු නුපන් දරුපරපුරේ ශාපයෙන් ගැලවීමට අදදවසේ අපේ මෙහෙවර ඉටුකිරීමට හෙටට කල්නොදා අද අදම එක්රොක් වෙමු.
මෙම මස 20 - 21 දෙදින පුරාවට ලයනනල් වෙන්ට්හි පැවැත්වෙන Supun Perera ගේ වනජීවී ඡායාරුප ප්‍රදර්ශනයේදී මෙම බලාගාරයට විරුද්දව අත්සන් එකතු කිරීම සිදු කරන අතර ඔබද එයට සහබාගී වෙමින් හැකිතාක් පිරිස්ද සහභාගී කරවමින් මෙම ප්‍රදර්ශනයේ ඇති පරිසර මාතාවගේ සොදුරු මානයන්ද රසවිද තවත් එක් සොදුරු දවනවුවක් අනාගත පරපුරවෙනුවෙන් බේරාගැනීමට ඔබගේ අත්සන යොදන්න.

-දියඇලි මිතුරෝ එකමුතුව








Share on Google Plus