රෝගාතුරව සිටින රංගනවේදී නිහාල් ප්‍රනාන්දු වෙනුවෙන් 17 දා උපහාර උළෙලක්‌.

 

දැනට රෝගාතුරව සිටින ප්‍රවීණ රංගනවේදී නිහාල් ප්‍රනාන්දු මහතා වෙනුවෙන් විශේෂ උපහාර උළෙලක්‌ සහ ඔහුට ආධාර පිණිස "ධවල භීෂණ" නාට්‍ය රඟදැක්‌වීම කොළඹ 3 කොල්ලුපිටිය මහානාම විදුහල් ශාලාවේදී මෙම 17 වැනිදා ප.ව. 6.00 ට පැවැත්වේ.

එක්‌සත් කලා සංසදය සංවිධානය කරන මෙම උපහාර උළෙල ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, අගමැති රනිල් වික්‍රමසිංහ, කථානායක කරු ජයසූරිය, ජනමාධ්‍ය ඇමැති ගයන්ත කරුණාතිලක, සංස්‌කෘතික ඇමැති එස්‌. බී. නාවින්න යන මහත්වරුන්ගේද සහභාගීත්වය ඇතිව පැවැත්වේ.

මේ පිළිබඳව කරුණු දැක්‌වීමට එක්‌සත් කලා සංසදය ඉකුත්දා කොළඹ ජානකී හෝටලයේදී මාධ්‍ය සාකච්ඡාවක්‌ද පැවැත් විය. ධර්මසිරි බණ්‌ඩාරනායක, මහාචාර්ය ආරියරත්න කලුආරච්චි, ඩයනා ගමගේ, නදීකා ගුණසේකර, මිචෙල් ෙµdන්සේකා, ප්‍රින්ස්‌ වික්‍රමනායක, සුරේනි සෙනරත්, සෝමවීර ගමගේ, කපිල සිගේරා ඇතුළු කලාකරුවෝ ඊට සහභාගී වුහ. රෝගාතුරව සිටින නිහාල් ප්‍රනාන්දු කලාකරුවාටත් ආර්ථික ශක්‌තියක්‌ ලබා දීමට මෙම නාට්‍ය දැක්‌මේ ප්‍රවේශ පත්‍රයක්‌ මිලදී ගෙන සහය දෙන ලෙස එක්‌සත් කලා සංසදය කාරුණික ඉල්ලීමක්‌ කරයි.

Share on Google Plus