ලංකාවේ විශාලතම අල්ලස්‌ මුදල ගනිද්දී රේගුවේ තිදෙනෙක්‌ දැලේ.


රේගු නිලධාරීන් තිදෙනකු විසින් ව්‍යාපාරිකයකුගෙන් රුපියල් කෝටි 12 1/2 ක අල්ලස්‌ මුදලක්‌ ලබාගනිද්දී අල්ලස්‌ හෝ දූෂණ විමර්ශන කොමිසමේ නිලධාරීන් විසින් ඊයේ (15 වැනිදා) අත්අඩංගුවට ගෙන ඇත. 

මෙය ලංකාවේ විශාලතම අල්ලස්‌ මුදල ලෙස වාර්තාවේ.

ලංකා ගමනාගමන මණ්‌ඩලයට වාහන අමතර කොටස්‌ සපයනු ලබන මෙම ව්‍යාපාරිකයා විසින් රජයට ගෙවිය යුතු රුපියල් කෝටි 150 බදු මුදල නිදහස්‌ කිරීම සඳහා මෙම අල්ලස්‌ මුදල ලබාගෙන තිබේ.

මෙලෙස අල්ලස්‌ මුදල් ලබාගනිද්දී අත්අඩංගුවට පත්වූයේ රේගු අධිකාරි සුධීර පරාක්‍රම දිසානායක, නියෝජ්‍ය රේගු අධිකාරි ජගත් ගුණතිලක සහකාර රේගු අධිකාරි එම්. ඩී. යූ. ජී. පෙරේරා යන නිලධාරීන්ය.

මෙම රේගු නිලධාරීන් අදාළ ව්‍යාපාරිකයාගෙන් පළමුව රුපියල් කෝටි 15 ක අල්ලස්‌ මුදලක්‌ ඉල්ලා ඇතැයි ඔහු විසින් අල්ලස්‌ හෝ දූෂණ විමර්ශන කොමිසමට කරනු ලැබූ පැමිණිල්ලේ සඳහන්ව ඇතැයි අල්ලස්‌ හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමේ අධ්‍යක්‍ෂ ජෙනරාල් ඩිල්රුක්‍ෂි ඩයස්‌ වික්‍රමසිංහ මහත්මිය zදිවයිනZට පැවසුවාය.

මොවුන් අත්අඩංගුවට ගැනීමේ උපායක්‌ ලෙස රුපියල් කෝටි 12 1/2 මුදලක්‌ අල්ලස්‌ ලෙස ලබාදීම සඳහා කැමැති කරවාගෙන අල්ලස්‌ හෝ දූෂණ කොමිසමේ නිලධාරීන්ගේ උපදෙස්‌ මත කොළඹ පංචිකාවත්තට ගෙන්වා අදාළ මුදල ලබාගනිද්දීම අත්අඩංගුවට ගත් බවද ඇය සඳහන් කළාය.

Share on Google Plus