නුගේගොඩ සමුද්‍ර දේවීයට 100යි.


නුගේගොඩ සමුද්‍ර දේවී බාලිකා විද්‍යාලයට වසර 100ක් පිරීම නිමිත්තෙන් සංවිධානය කළ තිබූ පා ගමන විශ්වවිද්‍යාල අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය මොහාන් ලාල් ග්‍රේරු මහතාගේ සහ බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍ය ඉසුර දේවප්‍රිය මහතාගේ ප්‍රධානත්වයෙන් අද (24) පැවැත්විණි.

පාසලේ සිට නුගේගොඩ හන්දිය, දෙල්කද හන්දිය පරණ කැස්බෑව පාර ඔස්සේ නැවත පාසල වෙත ගමන් කිරීම සිදු වූ අතර මෙම අවස්ථාවට සිසුවියන් 3500ක් එක්ව සිටියහ.

එසේම මෙම අවස්ථාවට විද්‍යාලයේ විදුහල්පතිනී ඕ.පී.ආර්.එම්. එස්. ජයවර්ධන මහත්මිය, ගුරුවරුන්, ආදි ශිෂ්‍යාවන් සහ දෙමාපියන් ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියහ.

Share on Google Plus