විමල් දිනක පාර්ලිමේන්තු විවාදයක් ඉල්ලයි.


මිශ‍්‍ර අධිකරණයක් නමින් අන්තර්ජාතික අපරාධ අධිකරණයේ ශාඛාවක් ශ‍්‍රී ලංකාව තුළ පිහිටුවීම එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය ගෙන ආ යෝජනාවට එරෙහිවිය යුතු බවට පාර්ලිමේන්තුව තුළ දිනක විවාදයක් පවත්වන්නැයි ජාතික නිදහස් පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශ මහතා කථානායකවරයාට යෝජනාවක් භාර දී තිබේ.

මන්ත්‍රීවරයා කතානායකවරයාට යැවූ ලිපියේ මෙසේද සඳහන් වෙයි.

 “එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය විසින් 2015 – 09 – 16 දින නිකුත් කළ ශ‍්‍රී ලංකාව සම්බන්ධ වාර්තාව මගින් ශ‍්‍රී ලංකාවේ ආරක්‍ෂක හමුදාන්වට ඉතා බරපතළ චෝදනාවන් ප‍්‍රමාණයක් එල්ල කොට තිබේ. එමෙන්ම එම වාර්තාව පදනම් කොට ගෙන මිශ‍්‍ර අධිකරණයක නමින් අන්තර්ජාතික අපරාධ අධිකරණයේ ශාඛාවක් ශ‍්‍රී ලංකාව තුළ පිහිටුවීමට යෝජනා කර ඇත. එසේම එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 30 වැනි සැසිවාරයේදී විදේශ අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් සිදු කළ කතාවේදී ඔහු මෙවැනි විශේෂ අධිකරණයක් පිහිටුවීම පිළිගනිමින් අදහස් දක්වා තිබේ.

ඒ අනුව පෙනී යන්නේ රජය දැනටමත් මේ සඳහා එක`ගතාව පළ කොට ඇති බවයි. මෙය ඉතා බරපතළ කරුණකි. මෙවැනි විජාතික විනිසුරුවන්ගෙන් සමන්විත අධිකරණයක් පිහිටුවිය හැක්කේ යටත්විජිත තත්ත්වයක සිටින රටක පමණි. එබැවින් අන්තර්ජාතික අපරාධ අධිකරණයේ උප අධිකරණයක් ශ‍්‍රී ලංකාව තුළ මිශ‍්‍ර අධිකරණයක නමින් පිහිටුවීමට ඉඩනොදිය යුතු යැයි මෙම සභාව යෝජනා කර සිටී”


Share on Google Plus