කාරය ගිනි ගනිද්දීත් තාජුඩීන්ට පණ තිබිලා.


රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන් කාරය ගිනිගන්නා අවස්ථාවේදී සිහිමුර්ඡා තත්වයෙන් අවසන් හුස්ම හෙළමින් සිට ඇති බව ඔහුගේ අවසන් මරණ පරීක්ෂණ වාර්තාවේ සඳහන් බව පැවසේ. එම මරණ පරීක්ෂණ වාර්තාව ඉදිරිපත් කර ඇත්තේ කොළඹ හිටපු අධිකරණ වෛද්‍ය, විශේෂඥ මහාචාර්ය ආනන්ද සමරසේකර මහතා විසිනි.

වසීම් තාජුඩීන්ගේ මරණය සම්බන්ධයෙන් වන නඩු විභාගය කොළඹ අතිරේක මහේස්ත්‍රාත් නිශාන්ත පීරිස් මහතා ඉදිරියේ ඊයේ (10) දිනයේ කැඳවනු ලැබූ අවස්ථාවේදී මෙම කරණු අනාවරණය වී තිබේ.

එම පරීක්ෂණ වාර්තාවේ වැඩි දුරටත් සඳහන් වන්නේ කාබන් මොනොක්සයිඩ් වායුව ආඝ්‍රාණය වීම නිසා තාජුඩීන් මරණයට පත්ව ඇති බවයි. තාජුඩීන්ගේ හිසට සිදු වී ඇති තුවාල කාරයේ ඇතුළත හෝ පිටත වැදීමෙන් සිදු විය හැකි බවත් නැතිනම් මොට ආයුධයකින් සිදු කළ පහරදීමකදී සිදු විය හැකි බවත් එහි සඳහන්ය. පහර දීමකදී ඔහුගේ අවයව පුපුරන්නට ඇතැයිද ඔහුගේ පපුවේ සිදු වී තිබෙන තුවාල රවුම් උපරණයක් පපුවට තබා තද කිරීම නිසා සිදු වන්නට ඇතැයිද සඳහන්ය.

තාජුඩීන්ගේ මරණය සම්බන්ධයෙන් ඉදිරි පරීක්ෂණ කටයුතු ඔහුගේ ජංගම දුරකතනයේ දත්ත ඔස්සේ සිදු කිරීමට මහේස්ත්‍රාත්වරයාගේ නියෝග මත කොළඹ විශ්වවිද්‍යාලයේ පරිගණක අංශයට යොමු කර තිබේ.

Share on Google Plus

0 comments:

Post a Comment