වෙල්ගමට මහින්දට විපක්ෂයේ ලොකු පුටු ඉල්ලයි.


කුමාර වෙල්ගම මහතා විපක්‍ෂනායක ධුරයට පත් කරන ලෙසත් විපක්‍ෂයේ ප‍්‍රධාන සංවිධායක ධුරයට මහින්දානන්ද අලුත්ගමගේ මහතා පත් කරන ලෙසත් ඉල්ලමින් විපක්‍ෂයේ මන්ත‍්‍රීවරුන් 56කගේ අත්සනින් යුත් ලිපියක් ඊයේ (01දා) සවස ජනාධිපතිවරයාට භාරදුන් බව ජාතික නිදහස් පෙරමුණ පවසයි.  

මෙම ලිපිය ජනාධිපතිවරයාට ඔහුගේ නිල නිවසේදී භාර දී ඇත්තේ ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ, ප‍්‍රජාතන්ත‍්‍රවාදී වාමාංශික පෙරමුණේ නායක වාසුදේව නානායක්කාර, එක්සත් ජනතා නිදහස් සන්ධානයේ රත්නපුර දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී රංජිත් සොයිසා යන එක්සත් ජනතා නිදහස් සන්ධාන නායකයන් විසිනි.


Powered by Blogger.