ජිනීවා මානව හිමිකම් වාර්තාව එළිදකී - යුධ අපරාධ පරීක්ෂණයට මිශ්‍ර ක්‍රමවේදයක්.


ශ්‍රී ලංකාව පිළිබඳ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පර්යේෂණ වාර්තාව එළිදැක්වීමේ මාධ්‍ය හමුව මීට සුළු මොහොතකට පෙර ජිනීවා නුවර දී අවසන් විය.

මේ අතර එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහකොමසාරිස්වරයා වන සෙයිද් කුමරු පවසා ඇත්තේ ශ්‍රී ලංකා හමුදා සහ LTTE සංවිධානය යන දෙපාර්ශවයෙන්ම යුධ අපරාධ සිදු වී ඇති බවට කරුණු අනාවරණය වී ඇති බව යි.

එසේම ශ්‍රී ලංකාවේ 26 වසරක සිවිල් යුද්ධයේදී දස දහස් ගණන් මිනිසුන් අතුරුදන්වූ බව එක්සත් ජාතීන්ගේ වාර්තාව කියයි.


බලයෙන්, බලහාත්කාර අතුරුදන් කිරීම ක්‍රමානුකූල ප්‍රතිපත්තියක් ලෙස ශ්‍රී ලංකාවේ පැවැති බවද එම වාර්තාව කියයි. 2009 දී අවසන්වූ යුද්ධයේ හැම අවස්ථාවකදීම ශ්‍රී ලාංකිකයන් දස දහස් ගණනින් බලහත්කාර අතුරුදන් කිරීමට ලක්වූ බව එම වාර්තාව සඳහන් කරයි.

කාලාන්තරයක් තිස්සේ මානව හිමිකම් කඩවීම් වාර්තා වී ඇති නිසා සම්පූර්ණ දේශීය යාන්ත්‍රණයක් පිළිබඳ විශ්වාසය කඩ වී ඇති අතර දේශීය සහ ජාත්‍යන්තර මිශ්‍ර ක්‍රමවේදයක් ඔස්සේ යුධ අපරාධ පිළිබඳ පරීක්ෂා කළ යුතු බවයි මේ වන විට එළි දැක්වෙන වාර්තාවේ සඳහන් වන්නේ.



Share on Google Plus

0 comments:

Post a Comment