හවුල් ආණ්ඩුවේ අවුල් එළියට පනී. (Video)


ධීවර රාජ්‍ය අමාත්‍ය ධූරයේ රාජකාරී ඊයේ (16) භාරගනිමින් හම්බන්තොට දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිප් වෙදආරච්චි මහතා ප්‍රකාශ කර සිටියේ කැබිනට් ධීවර ඇමතිවරයාට රාජ්‍ය ධීවර ඇමතිවරයාට වැඩකරන හැටි ටියුෂන් ලබා දිය යුතු බවත් ඉදිරියේදී එම ගැටලුව නිරාකරණය කර නොදුනහොත් තමා අමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස්වී මන්ත්‍රීවරයකු ලෙස කටයුතු කරන බවය.

එහිදී ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ තංගල්ල ආසනයේ සන්ධානයේ සංවිධායකවරයාට කැබිනට් ධීවර ඇමති ධූරයත් තංගල්ල ආසනයේ එජාප සංවිධායකවරයාට රාජ්‍ය ධීවර අමාත්‍යංශයත් ලබා දීල තියෙනවා. අපි කොහොමද එකට වැඩ කරන්නේ. අපි දෙන්නා ගෙනල්ලා වෙනම ටියුෂන් එකක් දීලා වැඩකරන හැටි කියලා දෙන්න ඕන. බෙදලා දෙන්න ඕන. නැත්නම් මිනී මරාගන්න වෙන්නේ. යැයි පැවසීය.

කිසිදු විද්‍යාත්මක පදනමකින් හෝ ඒ ඒ විෂයන් පිළිබඳව දැනුමක් ඇති පුද්ගලයින් වෙත අමාත්‍යංශ ලබා නොදීම නිසා එක්සත් ජාතික පක්ෂය, ශ්‍රී ලංකා නිදහස්  පක්ෂය ප්‍රමුඛව ගොඩනැගූ හවුල් ආණ්ඩුවේ අර්බුද ප්‍රකාශයට පත්වීම දැන් දැන් ආරම්භ වී තිබේ.

අමාත්‍යංශවල දිවුරුම් දෙන අවස්ථාවේදී මෙවැනි තත්වයක් මතු වේ නම් ඉදිරියේ මීට වඩා බරපතල ගැටුම් දෙපාර්ශවය අතර ඇති වන බවට කදිම උදාහරණය මෙය බව දේශපාලන නිරීක්ෂකයෝ පවසති.



Share on Google Plus

0 comments:

Post a Comment