මණ්ඩලේ කචල් - ලංගමට දෙපාර්තුමේන්තුවක්.


ශ‍්‍රී ලංගම, දෙපාර්තුමේන්තුවක් ලෙස ස්ථාපිත කරන්නැයි සමස්ත ලංකා ප‍්‍රවාහන සේවක සංගමය ආණ්ඩුවෙන් ඉල්ලා සිටිනවා. ඔවුන් මෙම ඉල්ලීම කර ඇත්තේ 2016 අයවැය වෙනුවෙන් මුදල් අමාත්‍යංශයට යෝජනාවලියක් ඉදිරිපත් කරමින්.

මේ පිළිබඳව වැඩිදුර කරුණු දැක්වූ එම සංගමයේ ප‍්‍රධාන ලේකම් සේපාල ලියනගේ මහතා පැවසුවේ මෝරේ රථ දෙපාර්තුමේන්තුව, දුම්රිය දෙපාර්තුමේන්තුව මෙන් ශ්‍රී ලංගමත් දෙපාර්තුමේන්තුවක් කිරීම සුදුසු බවයි. 

තෝරාගත් ශ‍්‍රී ලංගම ඩිපෝවල ඉන්ධන පිරවුම්හල් පිටුවන්නැයි ද සමස්ත ලංකා ප‍්‍රවාහන සේවක සංගමය යෝජනා කරනවා. එමගින් ශ‍්‍රී ලංගමට අතිරේක ආදායම් උපයා ගත හැකි බවයි සේපාල ලියනගේ මහතා පෙන්වා දෙන්නේ. 

සෑම දිස්ත‍්‍රික්කයකම තෝරාගත් ඩිපෝවක් ආශ‍්‍රිතව රියදුරු පුහුණු පාසලක් ස්ථාපිත කිරීම ද සමස්ත ලංකා ප‍්‍රවාහන සේවක සංගමයේ යෝජනා අතර වනවා. පොලී පදනම යටතේ බස් රථ ලබාදීම වෙනුවට ශ‍්‍රී ලංගම සඳහා රජය විසින් බස් ලබාදීම ඔවුන්ගේ තවත් යෝජනාවක්. අධ්‍යාපන, සෞඛ්‍ය, තැපැල් හා දුම්රිය වැනි සෙසු සේවාවලට ලබා දී ඇති වරප‍්‍රසාද ශ‍්‍රී ලංගම සේවකයින්ටද  ලබාදිය යුතු බව මෙම යෝජනාවලියේ සඳහන් වනවා.  


Share on Google Plus

0 comments:

Post a Comment