වරෙන්තු නියෝජ්‍ය ඇමති උපරිමාධිකරණයේදී වැඩ භාරගනී.


කෑගල්ල මහේස්ත්‍රාත් අධිකරණය මගින් අත්අඩංගුවට ගන්නා ලෙස වරෙන්තු නිකුත් කර තිබෙන අධිකරණ නියෝජ්‍ය ඇමති සාරතී දුෂ්මන්ත මිත්‍රපාල ඊයේ (17) කොළඹ උපරිමාධිකරණ සංකීර්ණයේ පිහිටි අධිකරණ අමාත්‍යංශයේදී සිය ධූරයේ වැඩ භාරගෙන තිබේ.

පසුගිය අගෝස්තු මස පැවැති මහ මැතිවරණයෙන් අනතුරුව කෑගල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලය අසලදී පොලිස් නිලධාරීන්ගේ හා පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන්ගේ  රාජකාරි කටයුතුවලට බාධා කරමින් කළහකාරී ලෙස හැසිරීම සහ තර්ජනය කිරීම ඔහුට එරෙහිව චෝදනා එල්ල වී තිබේ.

එම අවස්ථාවේදී පොලිස් නිලධාරීන් විසින් පුද්ගලයින් අත්අඩංගුවට ගෙන රුපියල් ලක්ෂයක ඇපමත මුදාහැර තිබෙන අතර එවකට පාර්ලිමේන්තු මන්ත්‍රී වූ සාරති දුෂ්මන්ත ඇතුළු පස් දෙනෙකු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස මහේස්ත්‍රාත්වරයා දන්වා තිබේ.

එහෙත් පසුගිය 15 වැනි දින එම නඩුව නැවත කැඳවූ අවස්ථාවේදීද අධිකරණ නියෝජ්‍ය ඇමතිවරයා කෑගල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් නොවීය. එසේ තිබියදී අද දිනයේ උපරිමාධිකරණ සංකීර්ණයේ පිහිටි අධිකරණ අමාත්‍යංශයේදී ඔහු සිය ධූරයේ වැඩ භාරගෙන තිබේ.


Share on Google Plus

0 comments:

Post a Comment