SBගේ හිත සමෘද්ධියටමයි.


නැවතත් සමෘද්ධිය ස්ථාපනය කිරීමට කටයුතු කරන බවත් දිවිනැගුම අහෝසි කරන බවත් සමාජ සවිබල ගැන්වීම් හා සුබසාධන අමාත්‍ය එස්.බි. දිසානායක මහතා නුවරඑළිය ප්‍රදේශයේදී පවසා තිබේ.

චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිණිය ජනාධිපතිව සිටි සමයේ පොදු ජන එක්සත් පෙරමුණ පාලන කාලයේ සමෘද්ධි ඇමතිවරයා ලෙස එස්.බී. දිසානායක මහතා කටයුතු කළ අතර ඔහු සමෘද්ධි මුදල් අවභාවිතාවේ යොදවමින් විශාල මණ්දිරයක් ඉදිකළ බවට චෝදනා එල්විය. පසුව පැවති පරිවාස ආණ්ඩු සමයේ ඒ පිළිබඳව පරීක්ෂණ දියත්වෙමින් තිබියදී එස්.බී. දිසානායක, බන්දුල ගුණවර්ධන සහ ජී.ඒල. පීරිස් ඇතුළු පිරිසක් එක්සත් ජාතික පක්ෂය හා එක්වෙමින් පරිවාස ආණ්ඩුව පෙරලා දැමූ අතර නැවත මහින්ද රාජපක්ෂ ආණ්ඩුවේ උසස් අධ්‍යාපන ඇමතිවරයා බවට පත්විය.

එවකට ඔහු අධිකරණයට අපහාස කිරීමේ චෝදනා සනාතවීමෙන් අධිකරණයේ වැරදි කරුවෙකු වී සිටියදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ විසින් දිසානායක මහතාව ජනාධිපති සමාව යටතේ නිදහස් කරන ලදී.

මේ වනවිට එස්.බී. දිසානායක මහතා මෛත්‍රී-රනිල් ආණ්ඩුවේ සමාජ සවිබල ගැන්වීම් හා සුබසාධන අමාත්‍යවරයා ලෙස කටයුතු කරමින් සිටී.

පැවති රාජපක්ෂ පාලන සමයේදී කටයුතු කළ ආකාරයට ගැනද එස්.බී. දිසානායක මහතාට සමාජයෙන් බරපතල චෝදනා එල්ලවී තිබූ අතර ඔහු පැවති මහ මැතිවරණයෙන්ද පරාජයට පතිවූ නමුත් මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ජාතික ලයිස්තු මන්ත්‍රීවරයෙකු ලෙස පාර්ලිමේන්තුවට තෝරා ගන්නා ලදී.

පසුගිය මහ මැතිවරණවලදී තමන් මැතිවරණ දූෂණ සිදු කළ ආකාරයද දිසානායක මහතා අවස්ථා ගණනාවකදීම මාධ්‍ය ඉදිරියේ ප්‍රකාශ කර තිබිණ.

Share on Google Plus