ධම්මික පෙරේරා සම්පත් බැංකුවේ සභාපති ධූරයෙන් ඉවතට.


කෝටිපති ව්‍යාපාරිකයකු වන ධම්මික පෙරේරා සම්පත් බැංකුවේ සභාපතිධූරයෙන් ඉවත් කර ඇතැයි වාර්තා වේ.

ඒ එම බැංකුවේ වත්මන් සභාපතිවරයා වන ධම්මික, ලබන වසරේ අගෝස්තු මාසයවන විට බැංකුවේ වසර 09 ක අඛණ්ඩ සේවා කාලයක් සපුරා ඇති බැවින් මහ බැංකු නියමය අනුව විශ්‍රාම යා යුතු නිසාය.

මෙම තනතුරට සොෆ්ටිලෝජික් සමුහයේ අධ්‍යක්ෂ ධුරයක් දරණ හැරිස් ප්‍රේමරත්න මහතා පත්කිරීමට නියමිත වේ. මෙහිදී හැරිස් මහතා අධ්‍යක්ෂක මණ්ඩලයට ඇතුලත් කර පසුව එහි සභාපති කරවීමට සැරසේ. හැරිස් ප්‍රේමරත්න මහතා එම බැංකුවේ හිටපු ප්‍රධාන විධායක හා කාර්ගිල්ස් බැංකුවේ ආරම්භක ප්‍රධාන විධායකවරයාද වේ.

මේ අතර, වත්මන් ප්‍රධාන විධායක අරවින්ද පෙරේරා මහතාද මේ වන විට සේවා දිගුවක් මත කටයුතු කරන අතර ඔහුගේ මෙම සේවා දිගුව අවසන් වු වහා නව ප්‍රධාන විධාකයෙකු බැංකුවෙන් පිටතින් බදවා ගැනිමට මේ වන විට සම්මුඛ පරික්ෂණ පවත්වා ඇතැයි ද වාර්තා වේ.

දැනට සම්පත් බැංකුවේ අධ්‍යක්ෂ මණ්ඩලයේ අධ්‍යක්ෂවරු 12 දෙනෙකු සිටිති.

ඒ ධම්මික පෙරේරා, චන්න පලන්සූරිය, සංජීව සේනානායක, දීපාල් සූරියආරච්චි, මහාචාර්ය මලික් රණසිංහ, ධාරා විජේතිලක, දේශාල් ද මෙල්, රනිල් පතිරණ, සෞම්‍යා අමරසේකර, අරවින්ද පෙරේරා හා රංජිත් සමරණායක ඒ අය වෙති.

Share on Google Plus

0 comments:

Post a Comment