රනිල්-මෛත්‍රී, මහින්දටත් සලකයි


අගමැති රනිල් වික්‍රමසිංහ මහතා මහ මැතිවරණයේදී දුන් පොරොන්දු ඉෂ්ට කරමින් කැබිනට් අමාත්‍ය ධුරයකට සමාන බලතල සහ පහසුකම් හිමි දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපති ක්‍රමය හඳුන්වා දුන් අතර කුරුණෑගල දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපතිවරයා වශයෙන් කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි මහින්ද රාජපක්ෂ මහතා පත්කිරිමට සූදානම් වන බව දේශපාලන ආරංචිමාර්ග සඳහන් කරයි.

මැතිවරණ දිස්ත්‍රික් 22 ජයග්‍රහණය කළ පක්ෂවලට එම සභාපති ධුරය ලබාදීමට කටයුතු කරන බව පසුගියදා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශ කළ අතර ඒ අනුව එක්සත් ජාතික පක්ෂයට සභාපති ධූර 11ක්ද එක්සත් ජනතා නිදහස් සන්ධානයට  සභාපති ධූර 08ක්ද දෙමළ ජාතික සන්ධානයට 03ක්ද වශයෙන් හිමිවීමට නියමිතය.

Share on Google Plus

0 comments:

Post a Comment