සබ්බේසං ජීවිතං පියං! - අගමැතිගේ විශේෂ ප්‍රකාශය මෙන්න.


අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී අද (22) විශේෂ ප්‍රකාශයක් කළා. ඒ ශ්‍රී ලංකාවේ සිදුවුණේයැයි කියන යුද අපරාධ සම්බන්ධයෙන් පිරික්සීමට දේශීයව නිර්මාණය කරන යාන්ත්‍රණයක් යොදවන බවයි. එය කිසිදු ජාත්‍යන්තර ආයතනයකින් හෝ පුද්ගලයෙකු විසින් නිර්මාණය කැරෙන යාන්ත්‍රණ නොවන බවත් එහිදී පැවසුවා. 

සියලු ජනතාවට බාධාවකින් තොරව ජීවත් වීමට අවශ්‍ය රටක් නිර්මාණය කිරීමත්, කිසිදු ජන කොටසක් අසාධාරණ ලෙස පීඩනයට ලක් නොවන සමාජයක් ගොඩනැංවිය යුතු බවත් අගමැතිවරයා මෙහිදී අවධාරණය කළා.

වික්‍රමසිංහ මහතා තම විශේෂ ප්‍රකාශය අවසන් කළේ ධම්මපදයේ, දණ්ඩ වග්ගයේ එන මෙම ගාථාවෙනි.

"සබ්බේ තසන්ති දණ්ඩස්ස
සබ්බේසං ජීවිතං පියං
අත්තානං උපමං කත්වා
න හනෙය්‍ය නඝාතයේ“

සියල්ලෝ දඬුවමෙන් ත්‍රස්ත වෙත්. සියල්ලන්ට ම ජීවිතය ප්‍රිය ය. ඒ නිසා තමා උපමා කොට සිතා අනුන් නොනැසිය යුතු ය. නොනැසවිය යුතු ය."

(සම්පූර්ණ කතාව පහතින් කියවන්න)

2009 දී අප රට මුහුණ දුන් ත්‍රස්තවාදී අභියෝගය අවසන් වීමත් සමගම කල් පවත්නා ස්ථිරසාර ජනවාර්ගික සාමයක් ඇතිකිරීම ඉලක්ක කරගත් සංහිඳියාව ඇතිකර ගැනීම සදහා ධෛර්යසම්පන්නවත්ල අවස්ථානුකූලවත් අප විසින් පියවරයන් ගත යුතුව තිබුණාග එහෙත් එය එසේ සිදු නොවුන නිසා ජාත්‍යන්තර ප්‍රජාවගෙන් අප රට ලොකු පීඩනයකට ගොදුරු වූවාග එහි ප්‍රතිඵලයක් ලෙස එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම හරහා අභියෝගයන් අප රටට එල්ල වූවාග පොදුවේ අප රටට ඇතිවේයැයි අනුමාන කළ සම්බාධක හරහා අපේ ආර්ථිකයටල ත්‍රස්තවාදී අභියෝගය පරාජය කරන්නට නායකත්වය දුන් රණවිරුවන්ට හා දේශපාලන නායකත්වයට බලවත් පීඩනයක් ඇතිවේයැයි අප උපකල්පනය කරමින් සිටියාග එහෙත් අප රටේ ජනතාව පසුගිය මැතිවරණ දෙකේදී ගත් ඓතිහාසික තීරණයනුත්ල එහි ප්‍රතිඵලයක් ලෙස තේරී පත්වුණ ගරු ජනාධිපතිතුමා සහ අපගේ රජය අවතීර්ණ වුණ යහපාලන ක්‍රියාදාමයන් නිසා ජාත්‍යන්තර ප්‍රජාව යළි අප රට කෙරෙහි විශ්වාසයකින් යුතුව අවධානය යොමුකරමින් සිටිනවාග එහි ප්‍රථිපලයක් ලෙස අප රටත්ල අපේ ආර්ථිකයත්ල රණවිරුවන් ඇතුලු දේශපාලන නායකත්වය මුහුණ දුන් තුන්බිය නැතිවී තිබෙන වාතාවරණයක් තුළ පසුගිය සතියේ ඉදිරිපත් කරනු ලැබූ මානව හිමිකම් කොමිසමේ වාර්තාව සම්බන්ධ ඇතිවුණ ක්‍රියාදාමය 2009 මැයි මස ලබාගත් ජයග්‍රහණයේ සිට ඇතිවූ තත්වය මෙම උත්තරීතර සභාව හරහා රට හමුවේ තබන්නට මම අදහස් කරනවා.

ඔබ සියලු දෙනා දන්නා පරිදි ශ්‍රී ලංකාවේ පැවති ත්‍රස්තවාදී ගැටුම 2009 මැයි මස අවසානයට පත්වීමත් සමඟ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහ ලේකම් බැන් කී මූන් මහතා එවක සිටි ජනාධිපතිතුමාගේ ආරාධනයෙන් ශ්‍රී  ලංකාවේ සංචාරයක නිරත වුනාග එම සංචාරය අවසානයේදී එවකට පැවති රජය සහ එක්සත් ජාතීන්ගේ සංවිධානය ඒකාබද්ධ ප්‍රකාශයක් නිකුත් කරනු ලැබුවා.

එම ප්‍රකාශයේ අන්තර්ගත කාරණා අතර තිරසාර සාමය සහ සංවර්ධනය සඳහා අවශ්‍ය කරන වාතාවරණය සැකසීමට දෙමළ පක්ෂ ඇතුළුව සියළු පක්ෂ සමඟ වඩා පුළුල් ලෙස සාකච්ඡා ආරම්භ කිරීමේ අධිෂ්ඨානය නිෂ්චිතව අන්තර්ගත කර තිබුණා.

එමෙන්මල අන්තර්ජාතික මානව හිමිකම් සම්මතයන් සහ ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර බැඳීම් ප්‍රකාරව මානව හිමිකම් ප්‍රවර්ධනය සහ ආරක්ෂා කිරීම පිණිස වූ කැපවීම ද පැහැදිලිව අවධාරණය කර තිබුණා.

ජාත්‍යන්තර මානුෂීය සහ මානව හිමිකම් නීතිය උල්ලංඝනය කිරීම පිළිබඳව කටයුතු කිරීම සඳහා වගවීම සම්බන්ධයෙන් ක්‍රියාමාර්ග ගන්නා බවට ද එවකට පැවැති රජය ප්‍රකාශ කර සිටියා.

ඊට දින කිහිපයකට පසුව මැයි මස 27 වනදා ජිනීවා හී මානව හිමිකම් කවුන්සලයේ ශ්‍රී ලංකාව විසින්ම යෝජනා කර  ර්‍ණමානව හිමිකම් ප්‍රවර්ධනයේදී සහ ආරක්ෂා කිරීමේදී ශ්‍රී ලංකාවට සහය වීම” නම් වූ යෝජනාව බහුතර ඡන්දයකින් අනුමත කරගනු ලැබුවා.

මෙහි තිබුණු කරුණු අතර,

ශ්‍රී ලංකාවට කල් පවත්නා සාමයක් සහ සංහිඳියාවක් උදාකර දීම සදහා 13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්පූර්ණයෙන් ක්‍රියාත්මක කිරීම.

සියලු මානව හිමිකම් ප්‍රවර්ධනය සහ ආරක්ෂා කිරීම පිණිස සහ මානව හිමිකම් බැඳීම් සහ ජාත්‍යන්තර මානව හිමිකම් නීතියේ  ප්‍රතිමාන ශක්තිමත් කිරීම පිණිස වූ අඛණ්ඩ කැපවීම.

සමස්ථ මානව හිමිකම් භුක්ති විඳීමේදී වාර්ගික සුළුතර කණ්ඩායම් වලට එරෙහිව වෙනස්කොට සැලකීම් නොමැති බවට වග බලා ගැනීමට ක්‍රියාකාරකම් ශක්තිමත් කිරීම.

හිටපු ජනාධිපතිවරයාගේ ආරාධනාවෙන් ලංකාවට පැමිණි එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම්තුමා සහ රජය විසින් කරන ලද ඒකාබද්ධ ප්‍රකාශය සහ එහි අන්තර්ගත අවබෝධතා අනුමත කිරීම යන පොරොන්දු ද අන්තර්ගතව තිබුණා.

ඉහත සදහන් ක්‍රියාදාමයන් ජාත්‍යන්තර ප්‍රජාව විශ්වාස කරන අන්දමට සිදුනොවුන හෙයින් එක්සත් ජාතීන්ගේ මහ ලේකම් විසින් දරුස්මාන් කමිටුව පත්කරනු ලැබුවා. එම කමිටුවේ කටයුතු නොපිළිගන්නා බවක් එවකට පැවති රජය අප රට ජනතාවට පැවසුවත් එම කමිටුව සමග සාකච්ඡා කරන්නට එවකට පැවති රජයේ නියෝජිතයන් කටයුතු කරනු ලැබුවා. (පාලිත කොහොන - රෙමේෂ් ජයසිංහ - මොහාන් පිරීස්) එපමණක් නොව  එක්සත් ජාතීන්ගේ මහලේකම් දරුස්මාන් කමිටුව හරහා ගත් ක්‍රියාමාර්ගත්ල ඛඛඍක්‍ කමිටුව හරහා ශ්‍රී ලංකා රජය ගත් ක්‍රියාමාර්ගත් අතර බාධාවකින් තොර සම්බන්ධයක් ඇති බව එම රජයේ විදේශ ඇමතිතුමා ලිඛිතව 2011 පෙබරවාරි 15 දා එක්සත් ජාතීන්ගේ මහලේකම්ට දන්වනු ලැබුවා. එපමණක් නොව කවර පුද්ගලයකු හෝ ආයතනයක් විසින් කර ඇති වැරදි සම්බන්ධව වගකීම් පැවරෙන වගවීමේ යාන්ත්‍රණයක් ඇතිකරන බවටද පසුගිය රජය එක්සත් ජාතීන්ගේ මහලේකම්ට දන්වනු ලැබුවා.

2010 මැයි මස 15 වන දාල එවකට හිටපු ජනාධිපතිවරයා  ‘‘උගත් පාඩම් සහ ප්‍රතිසන්ධාන කොම්ෂන් සභාව” පත් කරනු ලැබුවා.

මෙම කොමිෂන් සභාවේ වගකීම වුණේ ලංකාවේ පැවති යුධමය ගැටුම පිළිබඳ ආපසු හැරී බැලීම සහ රට සුවපත් කිරීමේ සහ සාමය ගොඩනැගීමේ අනාගත යුගයක් ගැන සලකා නිර්දේශ ඉදිරිපත් කිරීමයි.
එම කොමිෂන් සභාව ප්‍රතිසන්ධානය සඳහා නිර්දේශ ගණනාවක් ඉදිරිපත්කළා

එයින් නිර්දේශ කිහිපයක්

යුක්තිය පසිඳලීම කෙරෙහි ජනතාව අතර විශ්වාසය තහවුරු කරනු පිණිස සියළු චෝදනා විමර්ශනය කළ යුතු අතර දේශපාලන බැඳියාවන් නොතකා වැරදිකරුවන්ට එරෙහිව නඩු පැවරීම සහ දඩුවම් ලබා දියයුතු බව අවධාරණය කිරීම.

අපරාධ යුක්ති පද්ධතිය කෙරෙහි සහ ආධිපත්‍ය කෙරෙහි ජනතාවගේ විශ්වාසය යළි ඇති කිරීමේ අවශ්‍යතාවය.

අතුරුදහන් වූ පුද්ගලයන් පිළිබඳ ගැටළුව ආමන්ත්‍රණය කිරීමේ වැදගත්කම සහ එසේ නොකළහොත් එය දිගුකාලීන ප්‍රතිසන්ධාන ක්‍රියාදාමයකට බරපතල බාධාවක් වනු ඇති බව,
අතුරුදහන් වූ පුද්ගලයන්ගේ ඥාතීන්ට තම පවුල්වල සාමාජිකයින් සිටින්නේ කොහේදල ඔවුන්ට සිදුවූයේ කුමක්ද ගැන සත්‍ය දැනගැනීමේ අයිතියක් ඇති බවත්,

ඔවුන් ගැටුමේ වින්දිතයන් වූයේද නැතහොත් ඛඔඔෑ ත්‍රස්තවාදයේ වින්දිතයන් වූයේද යන්න නොසලකාල සත්‍ය දැනගැනිමේ අයිතියල වන්දි ලබා ගැනීමල හානිපූර්ණය ඇතුළු උචිත නෛතික ප්‍රතිකර්ම සොයා යාමද අවශ්‍ය බව.

මෙම නිර්දේශ යුහුසුළුව ක්‍රියාත්මක නොකිරීම හේතුවෙන් සහ 2009 එවකට ශ්‍රී ලංකා රජය විසින්ම සම්මත කරගත් සම්මුතියේ අන්තර්ගත වගකීම් ක්‍රියාත්මක නොකිරීම හේතුවෙන් 2012, 2013 වසර වල මානව හිමිකම් කවුන්සල‍යේ ඇමරිකා එක්සත් ජනපදය ප්‍රමුඛ සාමාජික රටවල් සම්මුති දෙකක් තුලින් මෙම නිර්දේශ ක්‍රියාත්මක කරන ලෙස අපගෙන් ඉල්ලා සිටියා.

එහෙත් දිගින් දිගටම මානව හිමිකම් උල්ලංඝනය වීමල යහපාලනය බිඳ වැටීම, නීතිය හරියාකාරව ක්‍රියාත්මක නොකිරීමල පුවත්පත් කලාවේදීන්, මානව හිමිකම් ආරක්ෂකයින්ල ආගමික සුළුතර කණ්ඩායම් වලට කෙරෙමින් තිබූ තාඩනල පීඩන සහ හිරිහැර කිරීම්ල 2013 අගෝස්තු මස වැලිවේරියේදී නිරායුද විරෝධතාකරුවන්ට ප්‍රහාර එල්ල කිරීම සහ යුක්තිය ඉටු කිරීමට ප්‍රත්‍යක්ෂ ප්‍රතිඵල සහිත විශ්වාසනීය ජාතික ක්‍රියාදාමයක් නොතිබීම යන ප්‍රධාන හේතු මුල් කරගෙනල මානව හිමිකම් කවුන්සලය 2014 මාර්තු මස 27 වන දිනවල 25/1 යන යෝජනා සම්මතය සිදු කරනු ලැබුවා. ඒ අනුව මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස්තුමාගේ කොමිසම විසින් ආවරණය කරන ලද කාල සිමාව තුළ දී අදාළ පාර්ශ්වයන් දෙකම සිදු කළේ යැයි පැවසෙන බරපතල මානව හිමිකම් උල්ලංඝනය කිරීම් සහ ඒ ආශ්‍රිත අපරාධ පිළිබඳව පුළුල් විමර්ශනයක් සිදුකරන ලෙස ඉල්ලා සිටියා. එහෙත් 18 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය හඳුන්වාදීම සහ හිටපු අගවිනිසුරු ශිරාණි බණ්ඩාරනායක මහත්මිය එම තනතුරින් ඉවත් කිරීමට අනුගමනය කළ සදාචාර විරෝධී ක්‍රියාමාර්ගය හේතුවෙන් ජාත්‍යන්තරය තුළ පමණක් නොව ශ්‍රී ලංකාවේ ජනතාව අතර පවා ශ්‍රී ලංකාවේ අධිකරණ පද්ධතිය පිළිබද තිබූ විශ්වාසය සම්පූර්ණයෙන්ම බිඳ වැටුණා.

ජාත්‍යන්තර පීඩනය වරින්වර වැඩිවනවිටල අවශ්‍ය ස්ථිරසාර විසදුම් සොයනු වෙනුවට පසුගිය රජය ඛඛඍක්‍ කමිටුවට අමතරව උදලාගම හා පරණගම කොමිසම් සභාද පත්කරනු ලැබුවා. එහෙත් අවසානයේ ජාත්‍යන්තර ප්‍රජාව පමණක් නොව මෙම ක්‍රියාදාමයේ අප රට සිටින අදාළ පාර්ශවයන්ටත් සෑහීමට පත්වන අන්දමේ ප්‍රතිඵලයක් අත් කළේ නැහැ.

ජනවාරි 08 වනදා මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ජනාධිපති මැතිවරණය ජයග්‍රහණය කර පත්කෙරුණු රජයට දායාද වුනේ මහින්ද රාජපක්ෂ රජය විසින් ජාත්‍යන්තර පරීක්ෂණයක් සදහා තල්ලු කර තිබූ අවාසනාවන්ත රටක්.

මානව හිමිකම් කවුන්සලයේ වාර්තාව මේ වසරේ මාර්තු මස නිකුත් කිරීමට නියමිතව තිබුනද නව රජයේ ඉල්ලීම මතල සැප්තැම්බර් මස 30 වන සැසිවාරය දක්වා කල් දමනු ලැබුවා.

කවුන්සලය විසින් ලබා දුන් එම කාල සීමාව (මාර්තු සිට සැප්තැම්බර්) තුලදී ශ්‍රී ලංකා රජය දේශීය වශයෙන් තම ප්‍රතිසංස්කරණ න්‍යාය පත්‍රය ක්‍රියාවට නැංවීමට පියවර ගනු ලැබුවා. එම පියවර අතර අන්තර්ජාතික වශයෙන්ල මානව හිමිකම් කොමසාරිස්වරයා හා ඔහුගේ කාර්යාලයල එක්සත් ජාතින්ගේ සංවිධානය ඇතුළු අන්තර්ජාතික ප්‍රජාව සමඟ බිඳවැටී තිබුණු සම්බන්ධතා යළි ඵලදායී ලෙස ගොඩනැංවිමට ක්‍රියාමාර්ග රාශියක් ගනු ලැබුවා.

19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අනුමත කර ගැනීම සහ එය ක්‍රියාවට නැංවීම ආරම්භ කිරීමල ප්‍රජාතන්ත්‍රවාදී ආයතන ශක්තිමත් කිරීමසහ අර්ථවත් ප්‍රතිසන්ධානය සඳහා පියවර ගැනීම ආරම්භ කළා.

වත්මන් ජාතික සමඟි රජය ජනතාවට වගකීමකින් ක්‍රියාකරන රජයක් වශයෙන් සියලු ජනතාව උදෙසා නිවැරදි දේ කිරීමේ දැඩි ප්‍රතිපත්තියකින් සැම විටම ක්‍රියා කරනවා.

මෙසේ කරන්නේ හුදෙක් ජාත්‍යන්තර ප්‍රජාවට ලබා දුන් පොරොන්දු ඉෂ්ඨ කරන්න පමණක් නොවන බව පැහැදිලිව කිව යුතුයි.

සෑම පුද්ගලයෙකුටම සහ සෑම ජන කොට්ඨාශයකටම සාධාරණය ඉටු කිරීම සඳහාත්, ත්‍රස්තවාදය යළි ඇතිවීම සඳහා වන හේතු ඉවත් කිරීමටත් දිගු කාලීනව දුක් විඳින ජනතාවට ස්ථීරසාර සාමයක් උදාකර දීම පිණිස බව අවධාරණය කරන්නට කැමතියි. වසරක් ඇතුළත දෙවරක් ජනවරමක් ලත් රජයක් හැටියට එය අපේ වගකීමක්. එම පරම යුතුකම ඉටුකරලීම සඳහා අධිෂ්ඨාන සහගතව අප කැප වන බව සහතික කරන්නට මෙම අවස්ථාව යොදා ගන්නවා.

සංහිඳියාව යනු අඛණ්ඩ ක්‍රියාවලියක් වන අතර ඒ සඳහා කාලයක් ගතවෙනවා. නමුත් නිදහස ලැබූ දින සිට අපේ රටේ නැවත නැවතත් ඇතිවෙමින් පවතිනු ලැබෙන ගැටුම් සදහටම නවතා දැමීමට නම් අධිෂ්ඨාන පූර්වකව සාමය, සංහිඳියාව සඳහා අවශ්‍ය පියවර ගැනීමට අපි බිය විය යුතු නැහැ.

සත්‍ය සෙවීම, සාධාරණය ඉෂ්ඨ කිරීම, හානිපූර්ණය, නැවත ගැටුම් ඇතිවීම වලක්වා ලීම යන පුළුල් කරුණු ප්‍රතිසන්ධාන ක්‍රියාවලියක අන්තර්ගත යුතු විය යුතුයි.

ඒ වගේම නැවත අතීතයේ සිදු වූ අප්‍රසන්න ක්‍රියාවලියන් යළි ඇති වීම වැළැක්වීමට නම් මේ රටේ සුළු ජාතීන්ගේ ගැටළු විසඳීම අත්‍යාවශ්‍යයිග ඔවුන්ගේ ගැටළු විසඳිය හැකි ආකාරයේ දේශපාලන විසඳුමක් කරා යෑම අත්‍යාවශ්‍යයි.

ජනවාරි මස පැවැත්වූ ජනාධිපතිවරණයේදී සහ අගෝස්තු මස පැවැත්වූ පාර්ලිමේන්තු මැතිවරණයේදී ලැබුණු ජන වරම අනුව ජනාධිපතිතුමා සහ අපගේ රජය දේශපාලන විසඳුමක් කරා යෑමට සාකච්ඡා සහ සම්මුති තුළින්අවශ්‍ය පියවර ස්ථිරවම ගනු ලබනවාග ඒ සඳහා ඇති කර ගනු ලබන සම්මුති සඳහා සෑම දෙනාගේම සහභාගීත්වය අත්‍යවශ්‍යයි.

ඔබ හොඳින් දන්නා පරිදි ජනවාරි මස පැවැත්වූ ජනාධිපතිවරණය සඳහා ජනාධිපති අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරිපත් කළ දින 100 වැඩ පිලිවෙළේ 93 වන වගන්තිය යටතේ,  එතුමා ජයග්‍රහණය කළහොත් නිදහස්, දේශීය අධිකරණ යාන්ත්‍රණයක් හරහා වගවීම් සම්බන්ධව ගැටළු පිළිබඳව ක්‍රියා කරන බව සඳහන් කරනු ලැබුවා.

නීතියේ ආධිපත්‍ය හා සියලු ජන වර්ගයන් අතර විශ්වාසය ගොඩනැගීම සඳහා, වගවීම, යන්න අත්‍යවශ්‍යම සාධකයක්. මෙම ක්‍රියාවලියට අධිකරණමය සහ පරිපාලනමය ප්‍රතිසංස්කරණත් අත්‍යාවශ්‍යයි.

අපේ රට තුළ දිර්ඝ කාලයක් ප්‍රචණ්ඩත්වය හා ත්‍රස්තවාදය ඔස්සේ අභාවයට යමින් තිබූ වගවීමේ සංස්කෘතිය, නීතියේ ආධිපත්‍ය යළි ස්ථාපිත කිරීම සහ යහපාලනය සියලු ජනතාවගේ අයිතිවාසිකම් සුරැකීම සඳහා අත්‍යාවශ්‍ය වෙනවා.

මානව හිමිකම් උල්ලංඝනය සඳහා පමණක් නොව, දූෂණය සහ නොයෙකුත් අනෙකුත් අපරාධ සම්බන්ධයෙන්ද දඩුවම් නොලැබ බේරීමට ඇති හැකියාව වැලැක්වීම සඳහා නීතියේ ආධිපත්‍ය ස්ථාපිත කිරීම සහ වගවීම අත්‍යවශ්‍ය සාධක ලෙස අපි දකිනවා.

එපමණක් නොව අප රටේ දිගුකාලීන සංවර්ධනය සහ අනාගත පරපුරේ අපේක්ෂාවන් මල් ඵලගන්වමින් සියලු ජනතාව තුළ සාමයේ හැඟීම ඇති කිරීමට ද මෙය ඉතා වැදගත් වෙනවා.

සත්‍ය ගවේෂණය, සාධාරණය, හානිපූරණය සඳහා පමණක් නොව අතීතයේ ඇති වූ අප්‍රසන්න සිදුවීම් යළි ඇතිවීම වැළැක්වීම සඳහා වන ස්වාධීන, විශ්වාසදායක හා බලාත්මක යාන්ත්‍රණයන් දේශීය වශයෙන් ඇතිකිරීම සඳහා රජය අදහස් කරන ක්‍රියාවලිය පහත සඳහන් වේ.

සත්‍ය ගවේෂණය සඳහා පාර්ලිමේන්තුව මගින්  යාන්ත්‍රණ දෙකක් දකුණු අප්‍රිකාවේ නිසි බලධාරීන්ගේ උපදේශ යටතේ සත්‍යය, යුක්තිය, ප්‍රතිසන්ධානය හා අතීතයේ සිදු වූ වැරදි නැවත ඇති නොවීම සඳහා කොමිසමක් ඇති කිරීම. මෙම යාන්ත්‍රණය ව්‍යුහ දෙකකින් යුක්ත වේ. ඒවා නම්, සමාජයේ ප්‍රධාන ආගම් සියල්ලේ ආගමික නායකයින්ගෙන් සැදුම්ලත්  කාරුණික සභාවක් හා කොමසාරිස්වරුන්ගෙන් සමන්විත ව්‍යුහයක්ග සමාජයේ කවර තරාතිරමක වුවද මානව හිමිකම් උල්ලංඝනය වීමට ලක්වූ, නමුත් අධිකරණමය ක්‍රියාමාර්ගයකින් විසඳීමක් ලබාදීම සඳහා අපරාධකරුවන් පැහැදිලි නැති හෝ රජයේ හෝ සමාජයේ භාවිතයන් හේතුවෙන් අවතක්සේරුවට/වෙනස්කම් වලට භාජනය වූ පුද්ගලයන් හට මෙම කොමිසම හරහා සත්‍යය සෙවීමටල සිදුවූ දෙය තේරුම් ගැනීමට හා අසාධාරණයක් වූ බවට ඇති හැඟීම් සඳහා පිළියම් යෙදීමට අවශ්‍ය සහය ලබාදෙනු ඇත.

අන්තර්ජාතික රතු කුරුස කමිටුවේ විශ්ෂඥ දැනුම යොදාගනිමින් ජාත්‍යන්තර වශයෙන් පිළිගත් තත්වයන්ට අනුකූලව පවුල් වල දැනගැනීමේ අයිතිය යන මූලධර්ම මත පදනම් වූ අතුරුදහන් වූ පුද්ගලයන් පිළිබඳ කටයුතු කරන කාර්යාලයක් පාර්ලිමේන්තුව මගින් ස්ථාපනය කිරීම.

යුක්තිය ඉටු කිරිම සඳහා විශේෂ නීතීඥයකුගෙන් සමන්විත ව්‍යවස්ථාවට අනුකූලව අධිකරණමය යාන්ත්‍රණයක් පාර්ලිමේන්තුව මගින් පිහිටුවීමට අදහස් කරනවාග මෙය විපතට පත්වූවන්ට සාධාරණ පිළියමක් සඳහා වූ අයිතිය පිළිබඳව සැලකිල්ලට ගන්නා අතර සියලු ජාතීන් විසින් අත්විඳින මානව හිමිකම් උල්ලංඝනය වීම සම්බන්ධයෙන් දඩුවම් නොලබා බේරී‍ යාමේ ගැටළුව සඳහා විසඳුම් ලබාදීම අරමුණු වී ඇත. ශ්‍රී ලංකාව තුල මීට පෙරද අපරාධ යුක්ති යාන්ත්‍රණයන් පිහිටුවා ඇත. එබැවින් මෙය අලුත්ම සංකල්පයක් නොවේ. එමෙන්ම මෙය යම් පුද්ගල කොට්ඨාශයක් වෙනුවෙන් වෙන් වී නැති අතර නීතියේ ආධිපත්‍යය සුරැකීම හා එය ගරුකරන සමාජයක් බිහිකිරීම සඳහා අත්‍යවශ්‍ය වේ. 

හානිපූරණය සඳහා වෙනම කාර්යාලයක් පාර්ලිමේන්තුව මගින් පිහිටුවීමට අදහස් කරනවාග එමගින්ල යෝජිත සත්‍යයල යුක්තිය, ප්‍රතිසන්ධානය හා අතීතයේ සිදු වූ වැරදි නැවත ඇති නොවීම සම්බන්ධයෙන් වන කොමිසම හා අතුරුදහන් වූවන් පිළිබඳ කාර්යාලය ඇතුළු වෙන යම් ආයතනයක් විසින් හානිපූරණය සම්බන්ධයෙන් සිදු කර ඇති නිර්දේශ ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය සහය ලබා දෙනු ඇත.

අතීතයේ සිදු වූ වැරදි නැවත ඇති නොවීම තහවුරු කිරීමට නම්ල පරිපාලනමය මෙන්ම අධිකරණමය ප්‍රතිසංස්කරණ හා නව ව්‍යවස්ථාවක් සම්මත කරගැනීම ඇතුළු පියවර ගණනාවක් අනුගමනය කල යුතුයිග ද්වේෂසහගත කථා හා  බලහත්කාරයෙන් අතුරුදහන් කරවීම අපරාධයන් වශයෙන් හැඳින්වීම සඳහා දණ්ඩ නීති සංග්‍රහය සංශෝධනය කිරීම ඇතුළු පියවර මාලාවක් ගැනීම අත්‍යවශ්‍යයිග  අතීතයේ සිදු වූ වැරදි  නැවත ඇති නොවීම සඳහා වන හොඳම තහවුරුව නම් දමිළ ජනතාවගේ දුක් ගැනවිලි සඳහා විසඳුම් ලබාදිය හැකි දේශපාලන විසඳුමක් ලබාදීම වේග අප සිතනවා නව ව්‍යවස්ථාවක් සම්මත කරගැනීම තුලින් අපට එය කළ හැකියි කියා. මෙම අරමුණ සඳහාම පාර්ලිමේන්තු ව්‍යවස්ථා සම්පාදක සභාවක් නුදුරේදීම පිහිටූවීමට අදහස් කරනවා. 

මෙම යාන්ත්‍රණයන් සකස් කෙරෙනුයේ විපතට පත්වූවන් ඇතුළු සියළු පාර්ශවකරුවන්ගේ උපදෙස් ලබාගැනීම සඳහා වූ පුළුල් යාන්ත්‍රණයක් මගිනිග මේවා සියල්ල සාකච්ඡා මාර්ගයෙන් දේශීයව නිර්මාණය කරන යාන්ත්‍රණ වන අතර කිසිඳු ජාත්‍යන්තර ආයතනයකින් හෝ පුද්ගලයෙකු විසින් නිර්මාණය කරන යාන්ත්‍රණ නොවන බව ප්‍රකාශ කරන්නට කැමතියි.

අමෙරිකා එක්සත් ජනපදය අනෙකුත් රටවල් සමග එක්ව ශ්‍රී ලංකාවට හිතකර යෝජනාවක් ඉදිරිපත් කිරීමට කටයුතු කර ගෙන යනවාග ඒ ගැන අදහස් දක්වන්නට මේ අවස්ථාවේ මා කටයුතු කරන්නේ නැහැ. අප මේ සම්බන්ධයෙන් ක්‍රියා කරන්නේ මෙම පාර්ලිමේන්තුව දැනුවත් කිරීමෙන් අනතුරුවයි.

ඊළග පාර්ලිමේන්තු වාරය රැස් වන විට අමෙරිකානු යෝජනාව කුමක්දැයි අප දැනගෙන සිටීවි. ඒ වගේම ඊට අදාළ අනෙකුත් වාර්තාවන් ද සැලකිල්ලට ගනිමින් කථානායකතුමා සමග සාකච්ඡා කර දිනයක් යොදා ගෙන මේ සම්බන්ධව පාර්ලිමේන්තු විවාදයක් පවත්වන්නට පුළුවන්.
මම, මගේ වාසනාවට මෙම ප්‍රශ්නයෙන් ඇති වුණ ත්‍රස්තවාදී උවදුරෙන් ජීවිතය බේරා ගත් කෙනෙක්. උතුරේ මෙම ප්‍රශ්නය පටන් ගත්තේ ද්‍රවිඩ භාෂාව සම්බන්ධ පිළිගැනීම සහ උසස් අධ්‍යාපන අවස්ථා සීමා වීම නිසා ඇති වූ පීඩනය පදනම් කර ගනිමිනුයි. 1977 පාර්ලිමේන්තුවට තේරී පත් වූ අයගෙන් එක් අයෙක් තමයි අපේ විපක්ෂ නායක සම්බන්ධන් මැතිතුමා.

ත්‍රස්තවාදයේ ආරම්භයත්, 1983 ජාතිවාදී කෝලාහලත් වැනි අවාසනාවන්ත සිද්ධීන් නිසා එල්.ටී.ටී.ඊ. සංවිධානය ව්‍යාප්ත වුණා. 1977 දී පාර්ලිමේන්තුවේ අප සමග සිටි ජනාධිපති ප්‍රේමදාස මැතිතුමා, ලලිත් ඇතුළත්මුදලි මැතිතුමා, ගාමිණී දිසානායක මැතිතුමා, රන්ජන් විජයරත්න මැතිතුමා ත්‍රස්තවාදයේ ගොදුරු බවට පත් වුණා. අපි යාපනයේ ශක්තිමත් එක්සත් ජාතික පක්ෂ ජාලයක් ගොඩනගා තිබුණාග ඊට සම්බන්ධ සෑම කෙනෙක්ම එල්.ටී.ටී.ඊ.ය විසින් මරා දැම්මා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සීගවී ගුණරත්න මැතිතුමා මරා දැම්මා. මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා, නිමල් සිරිපාල ද සිල්වා මැතිතුමා වැනි අය ත්‍රස්තවාදී ප්‍රහාරවලින් අනූ නවයෙන් සිය ජීවිත බේරා ගත්තා. චන්ද්‍රිකා ජනාධිපතිනිය කොටි ප්‍රහාරයෙන් ජීවිතය බේරා ගත්තත් ඇයට ඇසක් අහිමි වුණා. මෙය ලංකාවට සීමාවූවක් නෙවෙයි ඉන්දියාවේ රජීව් ගාන්ධි ඝාතනයට ලක්වුණා. එහෙත් මේ සියල්ලටම වඩා එල්.ටී.ටී.ඊ නායකත්වයෙන් තමන්ට විරුද්ධ ද්‍රවිඩ නායකයන් ඝාතනය කළා. සම්පූර්ණ ද්‍රවිඩ නායක පරම්පරාවක්ම නැති කළා. ඒ ප්‍රතිඵල අද අපි දකිනවා. දේශපාලන විසඳුමකට විරුද්ධව ක්‍රියා කරපු නිසා ද්‍රවිඩ ජනතාවට සිමකාමී විසඳුමකට එන්න තියෙන තියෙන අවස්ථාව නැතිකළා.  එල්.ටී.ටී.ඊ සංවිධානය කොළඹට විරුද්ධව පමණක් නොව යාපනයට විරුද්ධවද සටන් කළා. එබැවින් මෙහෙම යුගයක් යළි ඇතිවීමට අපි ඉඩ නොදෙමු.

අතීතයේ සිදු වූ වැරදි නැවතත් කරන්නට අපි සූදානම් නැහැ. සියලුම පාර්ශ්වයන් සමග සාකච්ඡා කර එක් සම්මුතියකට පැමිණ එම ප්‍රශ්නය විසඳන්නට අපි අදහස් කරනවා. ජාතිවාදය හෝ ආගම්වාදය අවුස්සා මෙම ප්‍රශ්නවලට විසදුම් සොයා ගන්නට බැහැ. මෙම ප්‍රශ්නය අපේ අනාගත පරම්පරාවලට බාරදෙන්නට අපි සූදානම් නැහැග මෙම පාර්ලිමේන්තුවේ අනුමැතිය ඇතිව සියලු දෙනාටම එකඟ විය හැකි විසදුමක් කරා යොමුවීම අපේ අරමුණයිග මේ තමයි අපි අපේ අනාගත පරම්පරාවට දිය හැකි හොඳම තෑග්ග.

සියලු ජනතාවට බාධාවකින් තොරව ජීවත් වීමට අවශ්‍ය රටක් නිර්මාණය කිරීම අපගේ වගකීමයි. කිසිදු ජන කොටසක් අසාධාරණ ලෙස පීඩනයට ලක් නොවන සමාජයක් අපි ගොඩනැංවිය යුතුයි. එහෙයින් ධම්මපදයේ, දණ්ඩ වග්ගයේ එන ගාථාවකින් මාගේ මෙම ප්‍රකාශය අවසන් කරන්නට කැමතියි.

සබ්බේ තසන්ති දණ්ඩස්ස
සබ්බේසං ජීවිතං පියං
අත්තානං උපමං කත්වා
න හනෙය්‍ය නඝාතයේ


සියල්ලෝ දඬුවමෙන් ත්‍රස්ත වෙත්. සියල්ලන්ට ම ජීවිතය ප්‍රිය ය. ඒ නිසා තමා උපමා කොට සිතා අනුන් නොනැසිය යුතු ය. නොනැසවිය යුතු ය.  


Share on Google Plus