සංගා පකිස්තානයට.


පාකිස්තානු සුපර් ලීග් විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලිය 2016 වසරේ පෙබරවාරි මස ඇරඹීමට නියමිත අතර, ඒ සඳහා ශ්‍රී ලංකා සුපිරි පිතිකරු කුමාර සංගක්කාර සම්බන්ධ කරගැනීමේ සාකච්ඡා අවසන් අදියරේ පසුවන බව පාකිස්තානු සුපර් ලීග් කළමනාකාරීත්වය ජියෝ රූපවාහිනීයට පවසා තිබේ.

කුමාර් සංගක්කාර වැනි ක්‍රීඩකයෙකු මීට සම්බන්ධ කරගැනීම තුළ මෙම තරගාවලිය ලෝක මට්ටමේ තරගාවලියක් ලෙස අවධානයට පාත්‍රවනු ඇතැයි ඔවුන්ගේ අදහසයි.

එසේම එංගලන්තයේ ප්‍රහාරාත්මක පිතිකරු කෙවින් පීටර්සන්, බටහිර ඉන්දීය කොදෙව් ක්‍රීඩක ක්‍රිස් ගේල් වැන්නන්ද මීට සම්බන්ධ කරගැනීමේ සාකච්ඡා අවසන් අදියරේ පසුවන බව ඔවුහු එහිදී සඳහන් කළහ.

මෙම සතිය අවසානයේ සියලු කොන්ත්‍රාත් සාකච්ඡා කර අවසන් කරන බවත් තරගාවලිය සඳහා විදෙස් ක්‍රීඩකයන් 25 ත් 40 ත් අතර ප්‍රමාණයක් සහභාගී කරගන්නා බවද එහි කළමනාකාරීත්වය වැඩිදුරටත් සඳහන් කළේය.

එහි සුවිශේෂත්වය වනුයේ සිම්බාබ්වේ ක්‍රීඩකයන් කිහිප දෙනෙකුටද තරගාවලිය සඳහා සහභාගී වීමේ දොරටු විවෘත වීමයි.

දෝහා කටාර්හිදී ඇරඹෙන මෙම තරගාවලිය සඳහා සංගක්කාරට අමතරව, ශ්‍රී ලංකාවේ තිලකරත්න ඩිල්ෂාන්, අජන්ත මෙන්ඩිස් හා තිසර පෙරේරා සහභාගී වීමට නියමිතය.


Share on Google Plus

0 comments:

Post a Comment