නිලංග දෑලට එරෙහිව විමර්ශන වාර්තාව නීතිපතිට.


ඓතිහාසික මහනුවර දළදා මාලිගාවට අයත් පරවේණි ක්‍රමයට ලබා දී තිබූ ගම්පොළ, පේරාදෙණිය ප්‍රදේශවල පිහිටි ඉඩම් තුනක් කුට්ටි කර මූල්‍ය ආයතන තුනකට විකිණීම සම්බන්ධයෙන් නිලංග දෑල බණ්ඩාර මහතාට එරෙහිව සිදු කළ විමර්ශන වාර්තාවක් නීතිපතිවරයා වෙත යවා තිබේ.

දළදා මාලිගාවේ දියවඩන නිලමේවරයා ලෙස හිදිමින් එම ඉඩම් තුන විකිණීම සම්බන්ධයෙන් ඔහුට එරෙහිව පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය වෙත පැමිණිල්ලක් ලැබී තිබූ අතර ඒ පිළිබඳව මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය වෙත නිලංග දෑල මහතා කැඳවා ඔහුගෙන් ප්‍රකාශ සටහන් කර ගෙන තිබිණි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා මාධ්‍ය වෙත ප්‍රකාශ කර ඇත්තේ අදාළ විමර්ශන කටයුතු අවසන් කර ඇති බැවින් අධිකරණ ක්‍රියාමාර්ග ගැනීම සඳහා නීතිපතිවරයා වෙත යොමුකරනු ලැබූ බවය. වැඩිදුරටත් අදහස් දක්වමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසා ඇත්තේ එවැනි අන්දමට විකුණා ඇති ඉඩම් ඒවා මිලදී ගත් ආයතන මගින් කට්ටි කර තවත් අයට විකුණා ඇති බවට මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය හෙළිකරගැනීමට සමත් වී ඇති බවය.

Share on Google Plus

0 comments:

Post a Comment