නුගේගොඩදී කෙහෙවලු පටලවාගත් නිවේදිකාව හා රූපලාවන්‍ය ශිල්පිනියට ඇප.


නුගේගොඩ ගුවන් පාලම අසලදී පරුෂ වචනයෙන් බැනගනිමින් සිය ඇඳුම් ඉරා ගනිමින් ගුටිබැට ඇනගත් බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් මිරිහාන පොලිස් ළමා හා කාන්තා කාර්යාංශය මඟින් ඊයේ පසුගිය 14 වනදා පෙරවරුවේ අධිකරණයට ඉදිරිපත් කළ පෞද්ගලික රූපවාහිනී නිවේදිකාවක් වන පියුමි හංසමාලි ගෝමස් හා රූපලාවණ්‍ය ශිල්පිනියක් වන කේ.එච්. රොතිනි ශෂිප්‍රභා ඇප මත මුදා හරින ලෙස නුගේගොඩ ප්‍රධාන මහෙස්ත්‍රාත් කණිෂ්ක විජේරත්න මහතා නියෝග කොට තිබේ. 

සැකකාරියන් දෙදෙනා වෙන් වෙන් වශයෙන් මිරිහාන හා කොහුවල යන පොලිස් ස්ථාන වෙත කර තිබූ පැමිණිලි දෙක මිරිහාන ළමා හා කාන්තා කාර්යාංශය මඟින් අධිකරණයට ඉදිරිපත් කරන ලදී.


Powered by Blogger.